ඔහු තමයි මාව චිත්‍රපට ක්‍ෂේත්‍රයට යොමු කරන්නේ
මාව තේරුම් අරගෙන අරගෙන මට
උපරිම සහයෝගයක් දෙනවා
-ශ්‍රියානි අමරසේන
තාක්ෂණය වගේම ජීවිතත් දියුණු වෙනවානම් හොඳයි
-ශ්‍රියානි අමරසේන
එදා සිට අද දක්වාම සිනමා ක්‍ෂේත්‍රයේ සිටින දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙස ශ්‍රියානි අමරසේනව හඳුන්වන්න පුළුවන්. ගොළු හදවත චිත්‍රපටයේ චම්පගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකර ගන්නා ඇය සිනමාවට පිවිසෙන්නේ 1968 වර්ෂයේදීය. රංගනය තුළින් අහිංසක පෙම්වතියගේ චරිතය හරහා නිතරම මුණගැසුණු ඇය සැබෑ ජීවිතයේත් නිරහංකාර චරිතයක් ඇගේ ජීවිතයේ තොරතුරු කතා කරන්න අපි ඇයට කතා කළා.
මොනවද අලුත් තොරතුරු?
පාද යාත්‍රා කියන චිත්‍රපටයේ රංගනයට වගේම සම්බන්ධීකරණයට සම්බන්ධ වෙලා වැඩ කරනවා.
ටෙලි නාට්‍යවලට රංගනයෙන් සම්බන්ධ වුණේ නැද්ද?
නැහැ. මේ චිත්‍රපටයේ වැඩ නිසා ටෙලි නාට්‍යවලට පොඩි විවේකයක් ලබා දුන්නා. ටිකක් විවේකයෙන් හිටියොත් හොඳයි කියලා හිතුණ නිසා අලුත් ආරාධනා භාරගත්තෙ නැහැ.
ටෙලි නාට්‍ය නිර්මාණකරණයෙනුත් ඔබ ඈත් වෙලාද?
එහෙම නැහැ. කලාවෙන් කවදාවත් ඈත් වෙන්නෙ නැහැ. කලාව තමයි අපිව ජීවත් කරවන්නේ. මිල මුදල් කොච්චර තිබුණත් කලාවෙන් ලැබෙන තෘප්තිය මිල කරන්න බැහැ. ඒක කලාකාරයො විතරයි දන්නේ. අපි හදාගත්ත නම හරි වටිනවා. ඉදිරියේ වෙනස්ම ආකාරයේ නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපේ රටට වැඩදායී ප්‍රයෝජනවත්වන ආකාරයේ නිර්මණයක් කරන්නයි මම සැලසුම් කරන්නේ.
සමාජයේ කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් වීමට ගැන මොකද හිතෙන්නේ?
හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නෙ නැහැ. දීර්ඝ කාලීන පැවැත්මක් හැමෝටම ලැබෙන්නෙ නැහැ. ඇත්තටම ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ දේ මම බලෙන් ලබාගත්ත දෙයක් නෙවෙයි. කැපවෙලා, මහන්සි වෙලා කලාවට සේවයක් කරලා
මෙහි නිරත වෙලා ඉන්නේ. මේ හදාගත්ත නම මට හරි වටිනවා. ඒ නම පවත්වාගෙන යාමයි ලොකුම වටිනාකම වන්නේ. නමුත් මොන රැකියාව කළත් තමන් කරන දේ ක්‍රියාවලිය යහපත් නම් තමන්ට වටිනාකමක් ලැබෙනවා. මේ ලැබිලා තියෙන දේවල් ගැන මම හරිම තෘප්තිමත්.
මේ වෙනකොට චිත්‍රපට කීයකට විතර රංගනයේ නිරත වෙලා තියෙනවද?
හැත්තෑව දශකයේ ඉඳන් මේ දක්වා චිත්‍රපට එකසිය දහයක, පහළොවක වගේ රඟපාලා ඇති.
ඒ අතරින් ඔබ කැමැතිම චිත්‍රපටය මොකක්ද?
ගොඩක් තියෙනවා. ඒ අතරින් ගොළු හදවතට ආසයි. මහගෙදර, දෑස නිසා, අහසින් පොළොවට, තරණය, විරාගය, කල්‍යාණි ගංගා, රත්තරන් අම්මා, කුලගෙය, මම කැමැතිම චිත්‍රපට.
ඔබට ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයින් සමග ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා. කොහොමද ඒ අත්දැකීම?
මම ඒ අතින් ගොඩක් වාසනාවන්තයි. මුල් කාලයේ ඉඳලම ඒ කාලේ හිටපු සුවිශේෂී රංගන ශිල්පීන්, ශිල්පිනියන්, අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු එක්ක ගනුදෙනු කරන්න ලැබුණා. ධරමසේන පතිරාජ, වසන්ත ඔබේසේකර යන කිහිප දෙනෙක් ඇරුණහම අනිත් අයත් එක්ක වැඩ කළා. ජෝ අයියා, ගාමිණී, විජය, ටෝනි එක්ක මම රංගනයෙන් දායක වුණා. දෙනවක හාමිනේගේ පටන් මාලනී, නීටා, අනුලා, පුණ්‍යා හැමෝම එක්ක සම්බන්ධ වෙන්න පුණා.
වර්තමානයේ වගේ එදා රංගනයට එකතු වෙන්න පහසු වුණාද?
එදා එහෙම නැහැ. නිකන්ම රංගනයට එන්න බැහැ. ක්‍ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් අපට ලබා දුන්නා. ක්‍ෂේත්‍රයේ ඉන්න පිළිවෙළ, හැසිරෙන විදිය, වැඩ කරන්න ඕන විදිය, කැපවීම මේ හැම අවබෝධයක්ම අපට ලබා දුන්නා. එදා වැඩක් ආරම්භ කරන්න කලින් හැමෝටම පොල් ගෙඩියක් අතගහලා සියලු වස් දොස් යන්න කියලා පොල් ගෙඩිය බිඳිනවා. ඒ පොල් ගෙඩියට වැඳලා තමන් කරන කාර්යයට හිත එකතැන් වීමක් තැන්පත් වීමක් වෙනවා. එදා එහෙම දේවල් තිබුණා. නමුත් අද එවැනි දේවල් අපෙන් ඈත් වෙලා. ක්‍ෂේත්‍රයට එදා ලොකු ගෞරවයක් තිබුණා. ෂූටින් ඉවර වුණාම හැමෝම කතා කරලා තමයි ගෙවල්වලට යන්නේ. දුර පළාත්වල, දර්ශනවලට ගියහම හැමෝම හරි සුහදව කාරුණිකව වැඩ කළා. අනේයා්න්‍ය අවබෝධය අනුන්ට උපකාර කිරීම තිබුණා.
ඔබ රංගනය තෝරා ගන්නවාට දෙමව්පියන්ගේ විරුද්ධත්වයක් තිබුණේ නැද්ද?
මම ඒ කාලේ ඉඳලම නර්තනයට, රංගනයට, ගායනයට කැමැතියි කියලා ඔවුන් දැනන් හිටියා. පාසලේ වැඩවලට අමතරව ඒවාට කැමැත්තක් තියෙන බව ඒ අය දැක්කා. ගුවන්විදුලි ළමා පිටියේ ගීත ගායනා කළා. නැටුම්වලට කැමැති නිසා. නැටුම් ඉගෙන ගන්න යැව්වා. පාසලේ විවිධ ප්‍රසංගයේ රංගනයට සම්බන්ධ වුණා. නරිබෑනා වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායක වෙන්න ලැබුණා. ඒ තමයි මගේ මුල්ම රංගනය. හිත හොඳ අම්මණ්ඩි, පබාවතී කියන වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. වේදිකා නාට්‍යයෙන් චරිත්‍රපට ක්‍ෂේත්‍රයට මම සම්බන්ධ වෙන්නේ විවාහයෙන් පස්සේ. මම විවාහ වුණේ කලාවට සම්බන්ධ ආතර් යූ. අමරසේනත් එක්ක. ඔහු කලාව පිළිබඳ දැනගෙන හිටපු දැනුම මටත් ලබා දුන්නා.
ඔහුව මුණගැහුණ විදිය මතක් කළොත්?
පත්තරයක දාපු මංගල දැන්වීමකින් තමයි ඔහුව මුණ ගැහෙන්නේ. අපේ අම්මා එයට පිළිතුරක් ලියනවා. ඒ අනුව තමයි ඔහුව මුණගැහෙන්නේ. ඒක අපූරු සිදුවීමක්. ඒ හමුවීමෙන් පසුව පාසලෙන් ඉවත් වූ විගසම විවාහ වෙනවා. හිතුවෙවත් නැති විදියට කලාවට සම්බන්ධ වුණු කෙනෙක් සමගම විවාහ වෙන්න ලැබුණා.
විවාහයෙන් පස්සේ මොනවගේ සහයෝගයක් ද ඔහුගෙන් ලැබුණේ?
ඇත්තටම ඔහු තමයි මාව චිත්‍රපට ක්‍ෂේත්‍රයට යොමු කරන්නේ. ඔහු මාව තේරුම් අරගෙන මගේ හැකියාව තේරුම් අරගෙන මට උපරිම සහයෝගයක් දෙනවා.
විවාහ යෝජනාවක් නිසා ඔබ ඔහුට කැමැති වෙනවද?
මම ඒ ගැන ඒතරම්ම ලොකුවට හිතුවේ නෑ. අම්මට කීවහම කීවේ හා කමක් නැහැ කියලා. ඔහු ගෙදර ඇවිත් ගියාට පසුව මට දැනුණා ඔහු තමයි මගේ අනාගත සැමියා කියලා.
මේ ආපු ගමන් මග ගැන ආපස්සට හැරිලා බැලුවහම මොකද හිතෙන්නේ?
ඇත්තටම හරි තෘප්තිමත්. ජීවිතේ කොතරම් හැලහැප්පීම් තිබුණත් මම ආපු ගමනේ මට මහ මෙරක් තරම් බාධක තිබුණේ නැහැ. මගේ දෙමව්පියෝ මාව කුඩා කාලයේ ඉඳන්ම දහම් පාසල් යැව්වා. එයින් ඉගෙන ගත්ත ධර්මය නිසා හිත හදාගන්න පුළුවන්කම තිබුණා. මම තමයි පවුලේ එකම දරුවා. රූපගතකිරීම්වලට ගියහම මගේ ළමයිව බලාගත්තේ මගේ අම්මා. දරුවන්ව පාසලට එක්කන් ගියේ මගේ තාත්තා. ඒ අය අද ජීවතුන් අතර නැතත් මේ වෙලාවේ මතක් කරන්න ඕන මට දීපු සහයෝගයට. මගේ දරුවෝ දෙන්නා වන ඉනෝකා, සම්පත් දෙන්නම විවාහකයි. ඒ අයගේ සාර්ථක ජීවිත දිහා බලලා මට සතුටු වෙන්න පුළුවන්. මගේ ජීවිතය දිහා පවුල් ජීවිතය බැලුවහම මට සතුටු වෙන්න පුළුවන්. මම ගියේ මැද මාවතක. ඒ මැද මාවත හොඳයි කියලා හිතෙනවා.
ඔබේ පුද්ගලික ජීවිතය වගේම වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?
ජීවිතය දිහා මම බලන්න පුරුදු වුණේ සමබරව. මට මේ දේ නෑ කියලා දුක්වෙනවට වඩා ලැබෙන දෙයින් සතුටු වෙන්න පොඩි කාලේ ඉඳන්ම මම පුරුදු වුණා. නොලැබිම ගැන හිතලා මම කවදාවත් දුක් වුණේ නැහැ. මම පොත් ලිව්වා. කෙටිකතා, නවකතා ලිව්වා. මගේ ජීවිතයේ විනෝදාංශයන් තමයි හොඳ චිත්‍රපට, නාට්‍ය, පුවත්පත් බලන එක. අද ගොඩක් දෙනා හොඳ පොත්පත් කියවන්නේ නැහැ. අන්තර්ජාලය තිබුණත් පොත් කියැවීමෙන් ජීවිතයට ලබාගත හැකි බොහොමයක් තියෙනවා. මම සරල බවට හරි කැමැතියි. එවිට ජීවත්වෙන්න පහසුයි.
ඔබේ ජීවිතේ සතුට රඳා පවතින්නේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය මතද?
ඔව්. මම සතුටු වෙන්නේ කලාවෙන්.
වර්තමාන ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
අතීතය සුන්දරයි. වර්තමානය සුන්දර වෙනවට මම කැමැතියි. මොකද අනාගතය සාර්ථක වෙන නිසා. අද තාක්ෂණය දියුණුයි. තාක්ෂණය වගේම ජීවිතත් දියුණු වෙනවා නම් හොඳයි. කලා ලෝකයේ දියුණුවට කැපවෙන අය වගේම නැති කරන අයත් ඉන්නවා. ඒ කාලෙත් ඔය දේවල් තිබුණා. නමුත් අද තරම් තිබුණේ නැහැ. අද හැමෝම යාන්ත්‍රික වෙන්න හදනවා. එහෙම වුණහම මානසික ලෙඩ්ඩු වෙනවා.
විවේකයක් ලැබුණහම කොහොමද කාලය ගත කරන්නේ?
පොතපත කියවනවා, චිත්‍රපට නරඹනවා. විදේශ සංචාරවල යනවා. ඉස්සර වගේ නිර්මාණවලට සම්බන්ධ වීම අඩුයි. මම කැමැතියි මගේ නිර්මාණවලට පමණක් සම්බන්ධ වෙන්න.
දරුවෝ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ නොවීම ගැන දුකක් තියෙනවද?
නැහැ. මගේ දුව නම් රංගනයට සම්බන්ධ වෙලා හිටියා. නමුත් විවාහයෙන් පස්සේ ඈත් වුණා. කලාවට සම්බන්ධ නොවුණත් ඔවුන් සතුටින් ජීවත් වෙන නිසා මට සතුටක් තියෙන්නේ.
තිළිණි කරුණාරත්න

No comments:
Post a Comment