ළමා රක්ෂණ අධිකාරියට ඇමතිනියගේ ලයිස්තුවකින් පත්වීම්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

ළමා රක්ෂණ අධිකාරියට ඇමතිනියගේ ලයිස්තුවකින් පත්වීම්…


ළමා රක්ෂණ අධිකාරියේ තනතුරු අටක් සඳහා පසුගිය දා සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති අතර එම සම්මුඛ පරීක්ෂණයෙන් ලද ප්‍රතිඵල අනුව බඳවාගැනීම් සිදුකිරීමට යාමේදී විෂය භාර ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය විසින් එම බඳවාගැනීම්වලට බලපෑම් එල්ල කරමින් ඇය විසින් සකස් කරණ ලද නාම ලේඛණයක් ඉදිරිපත් කර ඇත.

ළමා රක්ෂණ අධිකාරියේ කලමණාකරු (නීති), මාණ්ඩලික ලේකම්,
වැඩසටහන් සහකාර, නීති සහකාර, කොට්ඨාශ ළමා ආරක්ෂක නිළධාරී, වීඩියෝ තාක්ෂණික සහකාර, කම්කරු සහ මනෝ චිතික්සක යන තනතුරු සඳහා මෙසේ සම්මුඛ පරීරක්ෂණ කැඳවා ඇති අතර ඇමතිවරිය විසින් එම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණි 66 දෙනෙකුගේ නාම ලේඛණයක් අදාළ බඳවා ගැනීමේ අංශ වෙත යොමු කර ඇත.

එම නාමලේඛණය යොමු කරමින් ඇය දන්වා ඇත්තේ තමන් විසින් එවනලද නාමලේඛණයේ 66 දෙනාට ප්‍රමුඛතාවය ලබාදී තවදුරටත් පුරප්පාඩු ඇත්නම් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි ඉතිරි පුද්ගලයන්ගෙන් අදාළ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කරන ලෙසය. ඇමතිවරිය ඉදිරිපත් කළ 66 දෙනාගේ නාම ලේඛනයේ සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබා ඇති 13 දෙනෙකුගේ නම් තිබෙන අතර අනෙකුත් නම් 53නම සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබා නොමැත.

අදාළ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූවන්ගේ ප්‍රතිඵල ලේඛනය සහ ඇමතිවරිය විසින් ඉදිරිපත් කළ ඇයගේ ලේඛනය පහතින් පළ වේ.

-lankatruth

No comments:

Post a Comment

Post Bottom Ad