නාමයෝජනා පත්‍ර යලි පරික්ෂා කිරිම් ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 24, 2017

නාමයෝජනා පත්‍ර යලි පරික්ෂා කිරිම් ඇරඹේ


පාලන මැතිවරණයට අදාලව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල භාරගනු ලැබූ  නාමයෝජනා පත්‍ර  යලි පරික්ෂා කිරිම් කටයුතු මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදි මේ දිනවල සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා. භාරදුන් නාමයෝජනා පත්‍රවල සහතික කළ පිටපත් මහ ලේකම් කාර්යාලය වෙත ගෙන්වාගෙන මෙම පරික්ෂා කිරිම් කටයුතු සිදු කරන බවයි එම කොමිසම සදහන් කළේ.

ඊයේ දිනයේදී දිස්ත්‍රික් 04ක නාමයෝජනා පත්‍ර සහකාර කොමසාරිස්වරුන් විසින් මැතිවරණ මහ ලේකම්  කාර්යාලය වෙත රැගෙන විත් තිබෙනවා. ඒ අනුව අද දිනයේදී තවත් දිස්ත්‍රික්ක 08ක නාමයෝජනා පත්‍රයේ සහතික කළ පිටපත් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් රැගෙන ඒමට නියමිත බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad