පසුගිය වසර ගණනාවක සිට විශ්‍රාමිකයන් 1,463 දෙනකුගේ ගිණුම්වලට බැරවිය යුතු කෝටි ගණනක් මුදල් අදාළ ගිණුම්වලට බැර නොවී යළිත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට හරවා යවා ඇති බවට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටී.
අදාළ විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැරවිය යුතු රුපියල් පන්කෝටි
තිස්තුන් ලක්ෂ අනු දෙදහස් හත්සිය දාහතරක මුදලක් මෙලෙස එම විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර නොවී ප්‍රතික්ෂේප වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
නිකුත් කරන ලද සිය සිව්වන වාර්තාව මගින් රාජ්‍ය ගිණුම් කාරක සභාව මෙම තොරතුරු අනාවරණය කොට ඇති අතර එම තොරතුරුවලට අනුව 2010 වර්ෂයේ සිට එය සිදුව ඇති බවද ඔහු කීය. අන්තර් බැංකු ගෙවීම් ක්‍රමවේදය තුළ පවතින අඩුපාඩු නිසා මෙම මුදල් බැර නොවී ඇති බවත් රාජ්‍ය ගිණුම් කාරක සභාව සිය සිව්වන වාර්තාව මගින් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
Monday, December 11, 2017
විශ්‍රාමිකයන්ට කෝටිගානක දීමනා අහිමි කරලා !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment