තිගාම්බරම්ගේ ආධාරකරුවෙකුට පහර දීමේ සිද්ධියට ඇමතිවරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

තිගාම්බරම්ගේ ආධාරකරුවෙකුට පහර දීමේ සිද්ධියට ඇමතිවරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

තිගාම්බරම්ගේ ආධාරකරුවෙකුට පහර දීමේ සිද්ධියට ඇමතිවරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය මගින් අද (11) සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් එස්.සරවනාරාජා මහතා වෙත ඉදිරිපත් කරන ලද ලංකා කම්කරු කොංග‍්‍රසයේ උප සභාපති හා මධ්‍යම පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍ය සහ හින්දු සංස්කෘතික අමාත්‍ය එම්. රාමේෂ්වරන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආධාරකරුවන් තිදෙනෙකු රැපියල් ලක්‍ෂයක ශරිරි ඇප මත මුදාහැර යලි මෙම නඩුව 2018.04.04 දින යලි කැදවිමට නියෝග කර ඇත.

මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ එම්.රාමේෂ්වරන්, වෙල්ලයාන් දිනේෂ්, එමි.පිච්චමුර්තු සහ එස්. බාස්කරන් යන අයයි. මෙම සැකකරුවන් ඉකුත් (07) දා  මස්කෙළිය ගවරවිල වතුයායේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වි සිටියදි අමාත්‍ය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණේ ආධාරකරුවෙකුට පහර දි තුවාල සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියට ලද පැමිණීල්ලක් මත එම සැකකරුවන් අද (11) මස්කෙළිය පොලිසියට භාර වු අවස්ථාවේ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මහේස්ත‍්‍රාත්වරයා හමුවේ මස්කෙළීය පොලිසියේ නිළධාරින් කියා සිටියේ මෙම පහර දිමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු වන ජිවන් තොන්ඩමන් මහතාව අත්අඩංගුවට ගැනිමට තිබෙන නිසා මෙම සැකකරුවන් සිව්දෙනා මේ  මස (13) වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. මෙහිදි මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුවන්ට ඇප මත මුදාහරිමින් කියා සිටියේ මෙම පහර දිමට සම්බන්ධ සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

No comments:

Post a Comment

Post Bottom Ad