ලෝකයේ බිහිසුණු ත්‍රස්‌තවාදීන් භාවිතා කරන භයානක අවියක් මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයකු විසින් මෙරටට ගෙනවිත් ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අනාවරණය කළේය.
මෙය ජාතික ආරක්‍ෂාවට මෙන්ම නායකයන්ටද බරපතල තර්ජනයක් බවත් උන්වහන්සේ කියා සිටියහ. සම්සුඩීන් නැමැති මුස්‌ලිම් ව්‍යාපාරිකයා විසින් දෙදහස් දහසය වසරේ ජුලි මස විසිපස් වැනිදා මෙම අවිය මෙරටට රැගෙනවිත් ඇත. හඬ නොනැඟෙන අයුරින් මෙම අවිය භාවිත කළ හැකි බවත් සඳහන් කළ උන්වහන්සේ ආරක්‍ෂාවට තර්ජනයක් වන මෙවැනි අවි රට තුළට ගෙන්වීමට අවසර දී ඇත්තේ කිනම් පදනමකින්ද යන්න ප්‍රශ්න කර සිටියහ.
පුද්ගලික ආරක්‍ෂාවට යෑයි කියා මෙවැනි භයානක අවි ගෙන්වීම බරපතල තත්ත්වයක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස් පළකළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
සිරිමන්ත රත්නසේකර
– Divaina
Friday, December 1, 2017
Home
ආරක්ෂක පුවත්
මෙරට මුස්‌ලිම් ව්‍යාපාරිකයෙක් ලෝකයේ ත්‍රස්‌තවාදීන් භාවිත කරන බිහිසුණු අවියක් ගෙන්වයි..!
මෙරට මුස්‌ලිම් ව්‍යාපාරිකයෙක් ලෝකයේ ත්‍රස්‌තවාදීන් භාවිත කරන බිහිසුණු අවියක් ගෙන්වයි..!
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment