මැතිවරණයට අප සූදානම්… පොහොට්ටුව ඇප තැන්පත් කර අවසන්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 2, 2017

මැතිවරණයට අප සූදානම්… පොහොට්ටුව ඇප තැන්පත් කර අවසන්…

නාමයෝජනා කැදවා ඇති පළාත් පාලන ආයතන 93 වෙනුවෙන් දෙසැම්බර් 04 ,05, 06 යන තෙදින තුළ අවසන් කිරීමට නියමිත බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ප‍්‍රථමයෙන්ම සිදු කරනු ලැබුවේ අප පක්ෂය විසිනි. එමෙන්ම මේ වනතුරුත් වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පලාන මැතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර නැත. එමගින් අප පක්ෂය සතු සැලසුම්සහගතභාවය සහ ඕනෑම මෙහෙයුමක් ක්ෂණිකව ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබද යලි වරක් රට හමුවේ තහවුරු විය.

ඇප තැන්පත් කිරීමට නිල වශයෙන් අවසර ලැබුණු පළමු දිනයේම එනම්, නොවැම්බර් මස 27 වන දින පෙ.ව 9.00 ට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කඵතර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා ඇප තැන්පත් කරනු ලැබීය. ඇප තැන්පත් කිරීම ආරම්භ කළේ කඵතර බෝ සමිදු අභියස පැවැති බෞද්ධ ආගමික වතාවත් වලින් පසුව හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික ආශිර්වාදය ලැබීමෙන් පසුවයි.

මේ වන විට බස්නාහිර පළාතට, දකුණු පළාතට සහ මධ්‍යම පළාතට අයත් පළාත් පලාන ආයතන සදහාත් පුත්තලම , අනුරාධපුර සහ මොණරාගල යන දිස්ත‍්‍රික්කයන්හි පළාත් පලාන ආයතන සදහාත් ඇප තැන්පත් කිරීම අවසන් කර ඇත. ඊට අමතරව, උතුරු පළාතේ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති එකම පළාත් පාලන ආයතනය වන චාවකච්චේරි නගර සභාව සදහාද ඇප මුදල් තැන්පත් කර අවසන් බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. ඇප තැන්පත් කිරීමේ කටයුතු අප පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සහ ප‍්‍රධාන ලේකම් නිතීඥ සාගර කාරියවසම් මතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වුණු අතර සෑම ස්ථානයකදීම විශාල ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුණි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවරණය සදහා ඉතා කඩිනමින් රට පුරා පළාත් පාලන ආයතන වෙනුවෙන් ඇප තැන්පත් කිරීම තුළින් රටේ මහජන ඡුන්ද බල අයිතිය පිළිබද ඉතා යහපත් වටපිටාවක් නිර්මාණය විය. එනම්, දිගින් දිගටම ආණ්ඩුව මැතිවරණ කල් දැමීම හේතුවෙන් ඇති වී තිබුණු මැතිවරණයක් පැවැත්වේද? නොවේද? යන දෙගිඩියාව මුඵමුනින්ම බිද දමා මැතිවරණයක් දැන් පැවැත්විය යුතුමය යන මතය සමාජය තුළ තහවුරු වීමයි.

ඇතැම් දේශපාලන පක්ෂ මැතිවරණයක් දිනා ගැනීම සදහා සටන් කරන බව කීවේ අවංකව නොවේ. ඒ බව ඔවුන්ගේම දේශපාලන ක‍්‍රියාකාරකම් තුළින් තහවුරු විය. නමුත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට බල කර සිටියේ ඉතා අවංක චේතනාවෙනි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක‍්‍රියාකාරකම් තුළින් ඒ බව සනාථ වී තිබේ. පළාත් පලාන මැතිවරණය සදහා ඉතා කඩිනමින් සහ ප‍්‍රථමයෙන්ම ඇප මුදල් තැන්පත් කිරීමද ඒ වග තහවුරු කළ අවස්ථාවකි.

ඉතිරි දිස්ත‍්‍රික්ක සදහා ඇප තැන්පත් කිරීම දෙසැම්බර් 04, 05 හා 06 යන තෙදින තුළ අවසන් කිරීමට නියමිතයි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

No comments:

Post a Comment

Post Bottom Ad