දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින (OCKHI) සුළි කුණාටුව දිවයිනට කිලෝමීටර් 850 පමණ දුරින් පවති. එය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන්කරමින් පවතී. එබැවින් දිවයින කෙරෙහි එහි බලපෑම ක්‍රමයෙන් අඩුවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශ වල ද විශේෂයෙන් සවස 2.00න පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත් වල සහ පුත්තලම දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථාන වලට (මි.මි. 50-75) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවේ යැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල විටින්විට හමන (පැ.කි.මී. 50 ක් පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Saturday, December 2, 2017
ඔකී සුළි කුණාටුව දිවයිනට බස්නාහිර දෙසින් ඈතට-බලපෑම අඩුවෙයිද?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment