සිසුන් ගැන සිතා සේවයට වාර්තා කරන්නැයි ජනපති ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

සිසුන් ගැන සිතා සේවයට වාර්තා කරන්නැයි ජනපති ඉල්ලයි

සිසුන් ගැන සිතා සේවයට වාර්තා කරන්නැයි ජනපති ඉල්ලයි
විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත් වන අපහසුතාව සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යය මණ්ඩල වලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකදී දරුවන් පත් වන මානසික තත්ත්වයන් පිළිබදව වඩාත් සැලකිළිමත් විය යුතු බැවින් සිය මානූෂීය අවධානය වගකීමෙන් ඉටුකරන ලෙස ද ජනාධිපතිවරයා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

වර්ජනයට එක්වූවන්ගේ විසදී නැති ගැටලු ඇත්නම් ඒවා විසදා ගැනීමට ඉදිරියේ දි සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකි බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. කෙසේවෙතත් වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති තවදුරටත් වර්ජනයේ නිරත වී සිටින බවයි වාර්තා වේ. පසුගිය 06 වන දින මධ්‍යම රාත්‍රී දුම්රිය රියදුරන් මෙම වර්ජනය ආරම්භ කළ අතර පසුව ඊට සෙසු කාර්යය මණ්ඩලය ද එක් විය.

දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුව ද දිවයිනේ සෑම දුම්රිය මාර්ගයකම දුම්රියන් කිහිපයක් හෝ ධාවනය කිරිමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සදහන් කළේය. අත්‍යවශ්‍ය සේවාවක් බවට දුම්රිය සේවාව පත් කර ඇති බැවින් අද දිනය අවසන් වීමට පෙර සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයින් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බව ද විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad