ට්‍රම්ප්ගේ හිතුවක්කාරී තීරණය ගැන රාජිත බිමල්ගෙන් විශේෂ නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

ට්‍රම්ප්ගේ හිතුවක්කාරී තීරණය ගැන රාජිත බිමල්ගෙන් විශේෂ නිවේදනයක්

ට්‍රම්ප්ගේ හිතුවක්කාරී තීරණය ගැන රාජිත බිමල්ගෙන් විශේෂ නිවේදනයක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රලයේ අගනගරය ලෙස ජෙරුසෙලම නම් කිරීම ශ්‍රී ලංකා - පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය තරයේ හෙළා දකියි. එම සංගමයේ සභාපති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සදහන් වෙයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රාලයේ අගනගරය ලෙස ජෙරුසෙලම නම් කිරීම තරයේ හෙළා දකියි. තෙල් අවිව් (Tel Aviv) වල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පේරුසෙලමට රැගෙනයාමට තීරණය කිරීම ද හෙළා දකියි. ජෙරුසෙලම පලස්තීන දේශ සීමාවට අයත් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ යෝජනා මෙම තීරණය තුලින් සම්පුර්ණයෙන්ම උල්ලංඝණය කරයි. සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ලෙස ආදරය කරන මිනිසුන් මෙම තීරණය හෙළා දකින බව ද අප සංගමය දන්නෙමු.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පවතින ස්ථාවරය බිද දමමින් ඒකපාර්ශ්වීය සහ හිතුවක්කාරී ලෙස ගනු ලැබූ තීරණයකි. මෙම තීරණය තුලින් සමස්ත මැද පෙරදිග කළාපයට ගැටලුකාරී තත්ත්වයක් මතු කරයි. පලස්තීනය නිදහස් රාජ්‍යයක් ලෙසත්, ජෙරුසෙලම එහි අගනගරය ලෙස කළින් සිටි ස්ථාවරත්වයේ තවමත් සංගමය සිටින අතර, රටවල් 140 කට අධික සංඛ්‍යාවක මතය ද මෙය වෙයි. සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ලොව පුරා ජනතාවගේ මතය ද එයයි. ශ්‍රී ලංකාවේ සිටින සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති ජනතාව පලස්තීන ජනතාව වෙනුවෙන් හඩ නගන්න. හඩ අවදි කරන්න.

No comments:

Post a Comment

Post Bottom Ad