'ආණ්ඩුවක් එක්ක ඉඳිමින් ප්‍රාදේශීය සභාවල අපිත් එක්ක ඩබල් ගේම් ගහන්න අපි දෙන්නේ නැහැ. අපිත් සමඟ එකතු වෙනවා නම් ඇමැති තනතුරු දාලා එන්න කියලා අපි කියනවා' යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා කීවේය. ඒ මහතා එසේ කීවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මිනුවන්ගොඩ ප්‍රථම මාධ්‍ය රැස්වීමේදීය.
එහිදී ඒ මහතා මෙසේද කීය.
දින 100 පොරොන්දුවක් දීලා ආව මේ ආණ්ඩුව ඊළඟට මාස 60ක පොරොන්දු පත්‍ර ගෙනාවා. ඉන් මාස 10කට පෙර විස්සයි විස්ස ගෙනාවා. එදා පැවැති වේදිකාවේ නැඟගෙන අපිට මඩ ගැහුවා. අපි කන කෑම ටිකටත් මඩ ගැහුවා. නාමල් යෝෂිත ඩුබායිවල ඩොලර් ගෝනි කරේ තියන් යනවා කීවා. ලැම්බෝගිනි තියෙනවා කියලා වීරකැටියෙ පොල්වත්තටත් ආවා හොයාගෙන. ඒ වගේම රන් අශ්වයෝ ඉන්නවා කීවා. අද සෙරෙප්පු දෙක පන්සලක ගලවන්නත් බයයි. ඇයි ලක්ෂ 1 1/2ක් වෙනවලුනෙ. සෙරෙප්පු දෙක.
මැදමුලනට ඇවිත් වරාය අධිකාරියෙන් රටටම ලාභ ගන්න මහින්දට පුළුවන් වුණා නම් ටයිකෝට් දාපු අයට බැරි ඇයි. වරාය දුවා ගන්න බෑ. රනිල්ට වැඩ බෑ. මේ ආණ්ඩුව එදාවේල පිරිමසා ගන්න ලාභ ලබන රාජ්‍ය සම්පත්, ආයතන විකුණලා දානවා. හිරේ දාලා අපිව මර්දනය කරන්න හදනවා. ප්‍රසන්නට නඩු. ඉන්දිකට නඩු. දුලිප්ටත් නඩු දායි. ඒත් හිරේ දාලා අපිව බය කරන්න බෑ. මේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අපි ජය ගන්නවා.
ශ්‍රී ලනිපය එජාපය සමඟ ගිවිසුම් ගහලා අපටත් ගිවිසුම් ගහන්නලු. ඒ ගිවිසුම් ගැහුවොත් අපිත් යූ.ඇන්.පී. හවුල්කාරයෝ වෙනවා. ජේවීපීයට පුළුවන් වුණාට අපිට ඒක කරන්න බෑ. එදා ඩී.ඒ. රාජපක්ෂලා, බණ්ඩාරනායකලා, යූ.ඇන්.පි.ය දාලා ආවේ ප්‍රතිපත්ති හරි නැති නිසා. අපි කොහොමද යූ.ඇන්.පි.ය සමඟ ගිවිසුම් ගහපු ශ්‍රී ලනිපය සමඟ එක්වන්නේ. අපේ දෙන්න තුන්දෙනයිලු විරුද්ධ. නෑ අපි නම් සේරම විරුද්ධයි. බැඳුම්කර වංචාවට රනිල් හා ජනපතිතුමන් වගකිව යුතුයි.
ජනතාව අද අපි සමඟයි. අපි මේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටන ඇරැඹුවා.
පළාත් පාලන ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබාගන්නවා. ඒ සඳහා ජනතාව පෙළගැසී සිටිනවා. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංගබැඳුම්කර වාර්තාව 8 වැනිදා නොදී මාසයකට කල් දැම්මා. ඔය වාර්තා ඡන්දෙ එනකල් එළියට දාන්නේ නෑ. අපි ශ්‍රී ලනිපය සමඟ එකතු වෙන්නේ නෑ. ජනතාවත් කියනවා එකතු වෙන්න එපා කියලා. එකතු වෙන්න ඕනේ නම් මැති ඇමැතිකම් දාලා එන්න. ආණ්ඩුව සමඟ ඉන්න අය සමඟ එකතු වෙලා අපිට ගමට යන්න බෑ. ඊළඟ ඡන්දෙදි ආණ්ඩුවේ අයට ඡන්දෙ ඉල්ලන්න යන්න වෙන්නේ පොලිස් ගාඩ් ඇතුවයි.
මහින්දගේ 58 ලක්ෂය කැඩිලා නෑ. යහපාලනේ 62 ලක්ෂය බෙදිලා ඉවරයි. දෙමළ, මුස්ලිම් වෙනම ඉල්ලනවා. දැන් ජනතාව මහින්ද සමඟයි. විග්නේශ්වරන් දැන් ඊළම ගැන කියනවා. ඊළමකට අපි ඉඩදෙන්නේ නෑ. අපි මේ ආණ්ඩුව පලවා හරිනවා. පළාත් පාලන බලය අපි අතට ගන්නවා. ඒ විතරක් නෙවෙයි තව අවුරුද්දයි ඉවසන්නේ. 2020දී අපි ජනතා බලයෙන් මහින්ද රාජපක්ෂව මේ රටේ ඉහළම පුටුවේ වාඩි කරවනවා. ඒ ජනාධිපතිවරණයේදී අපි ජයගන්නවා.
-ගම්පහ - කේ.ඒ. සිසිර කුමාර
Tuesday, December 12, 2017
2020දී අපි මහින්දව රටේ ලොකුම පුටුවේ ඉන්දවනවා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment