ඒකාබද්ධ විපක්ෂයේ ප්රබල චරිත දෙකක් ඇතුළුව මන්ත්රීවරු 10 දෙනෙකු ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක්වීට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්රබලයකු එසේ 14 වැනිදා ද අනෙක් ප්රබලයා 21 වැනිදා ද මෛත්රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ශ්රීලනිපයට එක්වීමට නියමිත බව පැවසේ. කෙසේවුවද, ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන දිස්ත්රික් 10ක මන්ත්රීවරු දස දෙනෙකු එක්වීමට නියමිත බවද වාර්තා වේ.
කොළඹ, රත්නපුර, නුවර, කුරුණෑගල, මොණරාගල, බදුල්ල, කෑගල්ල, මාතර, අම්පාර හා අනුරාධපුරය එසේ එක්වීමට නියමිත ඒකාබද්ධයේ මන්ත්රීවරු නියෝජනය කරනු ලබන ආසන බවද පැවසේ.
No comments:
Post a Comment