ගංගා තුනක් අවදානම් – කුකුළේ ගඟ වාන් දොරටු දෙකක් විවෘතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 30, 2017

ගංගා තුනක් අවදානම් – කුකුළේ ගඟ වාන් දොරටු දෙකක් විවෘතයි


පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිල්වලා ගඟ, ගිංගඟ, කළුගඟ යන ගංගාවල පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිල්වලා ගඟේ පිටබැද්දර, පානදුගම හා හපුගොඩ ස්ථානවලත්, ගිංගඟේ ‘තවලම’ ජල මිනුම් ස්ථානයේත් ජලය පිටාර මට්ටමට පැමිණ තිබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ නිසා ගංගා අවට පහත් බිම්වල සිටින ජනතාව ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවදානයෙන් සිටින ලෙසද දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

මේ අතර කුකුළේ ගඟේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත. එහෙයින් අඟලවත්ත, බඳුරලිය, මිල්ලනිය ඇතුළු පහත් බිම් ප්‍රදේශවල ජනතාව ජලය ඉහළ යෑම පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් අවශ්‍ය වුවහොත් ඉවත්වීමට සූදානම්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad