බස්නාහිර පළාත් සභාවේ හිටපු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කළ තුෂාර පෙරේරා මහතා අද (14) එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.
ඔහු කලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසද කටයුතු කළේය. පෙරේරා මහතා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේදී ඇමති ජෝන් අමරතුංග මහතා අතින් අද පස්වරුවේ එජාපයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය. ඒ මහතා 2007 වසරේ සිට 2011 දක්වා කාලයේදී වත්තල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
එජාප සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව පෙරේරා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කීය.
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කළා.ඒත් එතුමාට සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව අතර සංහිඳියාව ගොඩනගන්නත් උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්නත් බැරි වුණා. යහපාලනය ගැන පැහැදී එජාපයට ආවා“
Tuesday, November 14, 2017
‘යහපාලනය ගැන පැහැදුනා’ ..මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් එජාපයට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment