යාපනය අර්ධද්වීපයට සති දෙකක පමණ කාලයක් ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් පසුව යාපනයේ යම් භූගෝලීය වෙනස්කමක් සිදුවී ඇති බවට මේවන විට රාවයක් පැතිර ගොස් තිබේ.
බොහෝ ප්‍රදේශවල මුහුදු ජල මට්ටමේ වැඩිවීමක් දක්නට ලැබීමත්, ඇතැම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටව තිබීමත් හේතුවෙන් යාපනය විශ්ව
විද්‍යාලයේ භූගෝල අංශයේ කථිකාචාර්යවරු මේ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කර තිබේ. ගොඩබිම් මාර්ග රැසක්ම මුහුදු ජලයෙන් යට වී ඇති බව කියන එම කථිකාචාර්ය වරුන් එම ජලය බැස නොයන තත්ත්වයක් දක්නට ලැබීම නිසා යම් භූගෝලීය වෙනසක් සිදුව ඇති බවට සැකකරණ බව කියා සිටී.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූගෝල විෂය සම්බන්ධයෙන් වු හිටපු මහාචාර්යවරයෙකු වන මෑතකදී මියගිය මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා 2006 වර්ෂයේදී අනාවැකියක් පලකරමින් ඉතාම නුදුරු අනාගතයේ යම් දවසක යාපනය අර්ධද්වීපය තුල විශාල භූගෝලීය වෙනස් කමක් සිදුවන බවට කර තිබූ ප්‍රකාශයද මේවන විට කරළියට පැමිණ තිබේ.
Saturday, November 18, 2017
වැස්සෙන් පස්සෙ යාපනේ භූගෝලීය වෙනසක් ?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment