තරුණිය සති අන්ත පන්ති යන මුවාවෙන් පෙම්වතා සමඟ මෙලෙස පැමිණ සිටියදී මෙලෙස සමුහ දූෂණයට ලක්‌ව ඇත. තරුණිය සමුහ දූෂණයට ලක්‌වීමෙන් අනතුරුව ඇයගේ නිවසට ගොස් සිද්ධිය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා පදියතලාව රෝහලට ද, ඉන්අනතුරුව වැඩිදුර පරීක්‌ෂණ සඳහා මහියංගණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. මහියංගන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් පැය 12 ක් යැමට පෙර ස්‌ත්‍රි දූෂකයන් පස්‌දෙනා කොටුකර ගැනීමට සමත්ව ඇති අතර අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 17, 18, 20, 22, 25 යන වයස් කාණ්‌ඩ වල පසුවන 49 කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසකි.
තරුණිය නේවාසික ප්‍රතිකාර ලබන අතර අත්අඩංගුවට ගනු ලැබූ ස්‌ත්‍රී දූෂක සැකකරුවන් මහියංණ දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මහියංගණ - රංජිත් කරුණාවිර
No comments:
Post a Comment