විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ දුරකථන සංවාදවලට රහසිගතව සවන්දීමේ ජාලයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් එය නතර කිරීමට රජය වහාම කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17 වැනිදා) කියා සිටියේය.
පසුගිය දිනවලදී අසන්නට දකින්නට ලැබුණු යම් යම් සිදුවීම් නිසා මේ
බව තහවුරු වී ඇති බව ද හෙතෙම කීය. වැරදිකරුවන්ට දඬුවම් දීම වෙනම ක්‍රියාවලියක්. එහෙත් මේ ආකාරයට රහසිගත දුරකථන සංවාදවලට සවන් දීම ඉතාම බරපතළ නීති විරෝධී ක්‍රියාවක් යෑයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ සංවිධානාත්මක ජාලය හරහා රටේ ප්‍රභූ පුද්ගලයන්, ව්‍යාපාරිකයන්, මහෙස්ත්‍රාත්වරුන්, දේශපාලනඥයන් ඇතුළු වැදගත් පුද්ගලයන් රැසකගේ දුරකථන සංවාදවලට හොර රහසේ සවන් දෙන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ද රාජපක්ෂ මහතා කියා සිටියි.
Saturday, November 18, 2017
දුරකථන සංවාද හොරෙන් අසන ජාලයක්.
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment