ශ්‍රී ලංකාවට පළමු වරට පරිගණකයක් ගෙනා පුද්ගලයා ලෙස සැළකෙන ආචාර්ය නාත් අමරකෝන් ඊයේ (22)අභාවප්‍රාප්ත වුණා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක් ලැබූ ඔහු සහකාර කථිකාචාර්යවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලැබුවා.
පසුව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරුවරයකු වූ නාත් අමරකෝන්, ආචාර්ය උපාධිය ලද්දේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්. පසු කලෙක ඉංජිනේරු සංස්ථාවේ පර්යේෂණ අංශයේ ප්‍රධාන තනතුරට පත්වූ ඔහු එමගින් මහත් සේවාවක් ඉටු කළා.
වෘත්තීයවේදීන්ගේ සංවිධානය,රාජ්‍ය සංස්ථා ඉංජිනේරු නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා බෞද්ධ පෙරමුණ සංවිධානය, විද්‍යාඥයින්ගේ සහ තාක්ෂණ සේවකයින්ගේ සංගමය, සමස්ත ලංකා විහාරාධිපති සම්මේලනය, සනාතන පදනම, එක්සත් සිංහල මහා සභාව ආදියේ ආරම්භක සාමාජිකයා ඔහුයි. මියයන විට ඔහු 82වන වියේ පසුවූවා.
Thursday, November 23, 2017
ශ්‍රී ලංකාවට පළමු වරට පරිගණකයක් ගෙනා 'නාත් ' දිවි මගෙන් සමුගනී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment