ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ යානාවක කොටසක්
බවට සැක සිතිය හැකි හඳුනා නොගත් වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය
ධීවර කාර්මිකයින් පිරිසක් විසින් (14) දහවල් ගොඩබිමට රැගෙන විත් තිබේ.
දිගින් අඩි හතරක් පමණ වන මෙම හඳුනා නොගත් වස්තුව ධීවරයින්ට හමුවන විට
පාවෙමින් තිබූ බවද මෙම හඳුනාගොගත් වස්තුව බහුදින යාත්‍රාව මතට ගෙන එහි ඇනිය
මත තබාගෙන 14 දහවල් ගොඩබිමට රැගෙන ආ බවද අදාල යාත්‍රාවේ සිටි ධීවර
කාර්මිකයෙකු වන සුමිත් ද සිල්වා මහතා අප සමග පැවසීය.
ගාල්ල ධීවර වරායෙන් මුහුදුගොස් අපසු ධීවර වරාය වෙත එමින් සිටි තුශාන්
පුතා ධීවර යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයින් පිරිසකට මෙම හඳුනා නොගත් යානා
කොටස හමුව ඇත. මෙම යානා කොටස කුමක්දැයි මෙතෙක් හඳුනාගෙන නොතිබූ අතර ගාල්ල වරාය
පොලීසියේ නිළධාරීන්ද මෙම හඳුනානොගත් යානා කොටස තිබූ ස්ථානය වෙත පැමිණ
සිටිනු දක්නට ලැබුණි.
Friday, September 15, 2017
ගාලු මුහුදින් හදුනා නොගත් යාත්‍රා කොටසක් හමුවේ
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment