මේ වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ නම් උතුරුමැද පළාත් සභාව සදහා මහඇමති අපේක්ෂකවරුන් ලෙස එජාපයේ පිරිසක් ඇමති ෆීල්ඩි මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නමත් ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමත් යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
20 වැනි සංශෝධනය පිළිබදව ශේ‍්‍රෂ්ඨාධිකරණ මතය සහ ලබන බදාදාට ඉදිරිපත්වන සංශෝධනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමට හෝ නොලැබීම මත පළාත් සභා තුනක මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතයි. ඒ අනුව සබරගමුව,උතුරු මැද හා නැගෙනහිර පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට සිදුවුවහොත් ඒ ඒ පක්ෂවලින් ජන්ද සටනට ප‍්‍රබලයන් ඉදිරිපත් කිරීම ගැන මේ වන විට නාම යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙන බව වාර්තා වෙයි
උතුරු මැද පළාත් සභාවේ රණවිරු ජන්ද මායිම් ගම්මාන සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒ සදහා ඇමති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ යුතු යැයිද පෙන්වා දී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරමින් ජයග‍්‍රහණ රැුල්ලක් ඇති කල යුතුයැයි පෙන්වා දී ඇත.
Saturday, September 16, 2017
රජරට මහ ඇමති සටනට ඒකාබද්ධයෙන් ‘ගෝඨා’.. එජාපයෙන් ‘ෆෝන්සේකා’
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment