ශානි අබේසේකරට උසස්වීම් ලැබුන හැටි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 12, 2017

ශානි අබේසේකරට උසස්වීම් ලැබුන හැටි…

Udaya-Gammanpila_14_08_2017

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා රණවිරුවන්ට එරෙහිව කටයුතු කළ නිසා ඔහුට ද්විත්ව උසස්වීමක් ලැබුණු බව  පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.ඊයේ(11) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා..

"ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා රණවිරුවන්ට එරෙහිව කටයුතු කළ නිසා ඔහුට ද්විත්ව උසස්වීමක් ලැබුණු බවට 2017 පෙබරවාරි 27 දින පැවැති මාධ්‍ය හමුවේ දී මම ප්‍රකාශ කළා.  බැලු බැල්මට එය ද්විත්ව උසස්වීමක්. 2016.02.16 දින පොලිස් අධිකාරි තනතුරට උසස් වෙන ශානිඅබේසේකරමහතා2017.02.01 දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් වෙනවා.  වසරක් ඇතුලත උසස්වීම් දෙකක්."

 "පළමු උසස්වීම දෙන්නේ 2011.08.25 දිනට පෙර දාතම් කරලා.  ඒ අනුව මාස කිහිපයක් යන විට හරියටම කිව්වොත් 2016.08.25 දිනට පොලිස් අධිකාරි තනතුරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට පත් වීමට ගත කළ යුතු වසර පහ සම්පූර්ණ වෙනවා.  ඔන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස්වීම ලැබෙනවා.  පෙර දාතම් කලේ නැති නම් උසස්වීම ලබා ගන්න 2021.08.25 දින තෙක් බලා සිටිය යුතුයි.  ඒ වන විට ඔහු විශ්‍රාම ගිහින්.  ඒ නිසා තමයි මම මෙතැන පක්ෂග්‍රාහිත්වයක් තිබෙන බව කිව්වේ.  නමුත් මට සාක්ෂි සමග ලැබුණු තොරතුරු අනුව ඔහුට පෙර දාතම් කර උසස්වීම ලබා දී තිබෙන්නේ මීට පෙර නිර්දේශ කළ උසස්වීම ප්‍රමාද වුණු නිසා."

"අඟුලාන පොලිසියේ දී තරුණයින් දෙදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් පොලිස් නිළධාරින් හතරදෙනෙකුට එරෙහිව පැවැති නඩුවේ දී හතරදෙනාම එල්ලා මැරීමට උසාවිය නියෝග කරනවා.  මේ නඩුවේ දී ශානි අබේසේකර පෙන් වූ දස්කම් අගය කරලා නීතිපති ඊවා වනසුන්දර මිය පොලිස්පතිට 2011.10.19 දිනැති ලිපියක් එවනවා.  ඒ වගේම අඟුලාන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාග වන්නේ ශිරාණි තිලකවර්ධන විනිසුරුතුමියගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ.  එතුමිය ශානි අබේසේකර පෙන්වූ දස්කම් අගය කරලා පොලිස්පතිට 2014.04.14 දිනැති ලිපියක් එවනවා.  

මේ අනුව නඩු තීන්දුව ලබා දුන් 2011.08.25 දින සිට බල පවත්වන පරිදි පොලිස් අධිකාරි තනතුරට උසස්වීම ලබා දීමට පොලිස්පති නිර්දේශ කරනවා.  නමුත් ඒක වුණේ නෑ.  2016 දී ලබා දෙන උසස්වීම අඟුලාන නඩු තීන්දුවේ දිනයට පෙර දාතම් කරන්නේ ඒ නිසායි." "ශානි අබේසේකර කියන්නේ මගේ කර්කශ විවේචනයට ලක් වුණු පොලිස් නිළධාරියෙක්.  නමුත් සතුරෙකුට වත් අපේ අතින් වරදක් නොවිය යුතුයි.  මට සාක්ෂි සහිතව මේ තොරතුරු ලැබුණු නිසා මම මේ නිවැරදි කිරීම කරන්නේ ශානිගේ විමර්ශන වල සැකකරුවන්ට වගේම ශානිටත් සාධාරණය ඉටු විය යුතු නිසායි."

No comments:

Post a Comment

Post Bottom Ad