විවාහ මංගල උත්සවයකට හැරෙන්නට වෙනත් උත්සව සඳහා මත්පැන් බෝතල් ලබා ගැනීමට අවසර පත්‍ර නිකුත් නොකරන ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.ඉකුත් 8 දා පැවති කළුතර දිස්‌ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ රැස්‌වීමේදී මෙම තීරණයට එළඹි බව රජයේ ප්‍රවෘත්ති නිලධාරි ඩබ්ලිව්. ශාන්තප්‍රිය මහතා පැවසීය.
මත්පැන් ළඟ තබාගැනීමට හා මිලදී ගැනීමට ග්‍රාමසේවා නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන ලිපියට ප්‍රාදේශීය ලේකම් වරයා අනු අත්සන් කිරීමෙන් පසු උත්සව සඳහා සුරාබදු කාර්යාලය විසින් බලපත්‍ර නිකුත් කරන බව සුරාබදු නිලධාරීහු පවසති.විවාහ මංගල උත්සවයකට අරක්‌කු බෝතල් 60 ක් ද, උපන් දින සාද මල්වර උත්සව යනාදිය සඳහා බෝතල් 40 ක් ළඟ තබා ගැනීමට ප්‍රාදේශීය ලෙක්‌ම්වරයාගේ අනු අත්සන සහිත ලිපිවලට මත්පැන් නිකුත් කිරීමට බලපත්‍ර ලබාදෙන බව සුරාබදු කාර්යාලයේ ස්‌ථානාධිපති සුරාබදු පරීක්‍ෂක ප්‍රදීප් ජයවර්ධන මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය.
සුරාබදු චක්‍ර ලේඛන අනුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන නොමැති කිසිම ලිපියකට මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන බවද ඒ මහතා කීය.
Tuesday, September 12, 2017
විවාහ මංගල්‍ය – උත්සව සාද වලට මත්පැන් ළග තියාගන්න නීති වෙනස් වේ!
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment