2020 ජනාධිපතිවරණය ගැන GR, RW කියලා ඉරාජ් මියුසික් වීඩියෝවේ දාපු රහස මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 11, 2017

2020 ජනාධිපතිවරණය ගැන GR, RW කියලා ඉරාජ් මියුසික් වීඩියෝවේ දාපු රහස මෙන්න

2020 ජනාධිපතිවරණය ගැන මේ වන විට විවිධ පුද්ගලයින් විවිධ අදහස් පළ කරනවා. ඒ අතරේ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අරුම පුදුම අපේක්ෂකයෝ ගැනත් විවිධ කතාබහ කරළියට ආවා. ඒ විදියට දැන්ම තියා උණුසුම් වන 2020 ජනාධිපතිවරණය ගැන කියැවෙන සංගීත වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රියයි.

ඒ ඉරාජ්ගේ මනමාලි 2 මියුසික් වීඩියෝවයි..

ඉරාජ් මෙම මියුසික් වීඩියෝව තුළින් 2020 ජනාධිපතිවරණය ගැන ඉඟියක් පළ කරන්න උත්සහ කර තිබෙනවා?

නැහැ. ඒක එහෙම උත්සාහයක් නෙවෙයි. 2020 ජනාධිපතිවරණය ගැන ඒ රූප රාමුව ඇතුළත් කළේ ඒ විදියේ ඉඟියක් දෙන්න නෙවෙයි. ඒක 2020දි අපි රූපවාහිනිය නරඹමින් ඉන්නකොට දකින්න පුළුවන් එක දර්ශනයක් විතරයි.

එහෙත් ඒ දර්ශනයේ පෙනෙන රූපවලින් කෙනෙකුට අනුමාන කරන්න පුළුවන් නේද ඒ ඉන්නේ ගෝඨාභය සහ රනිල් වික්‍රමසිංහ බව?

ඕන කෙනෙකුට ඕන දෙයක් හිතන්න නිදහස් තියෙනවා. ඒ දර්ශනයේ GR සහ RW කියලා සඳහන් වෙනවා මිසක් කවුද කියලා පෙන්නේ නැහැනේ. නමුත් දේශපාලනමය විදියට ඒ දිහා බලන කෙනෙකුට ඒ රූප රාමු දිහා බලලා අනුමාන කරන්න පුළුවන් ඒ ඉන්නේ ඔවුන් දෙදෙනා කියලා. නමුත් GR කියන්නේ ගුණදාස රාජපක්ෂ වගේ නමක් වෙන්නත් පුළුවන්. RW කියන්නේ රජිත වීරසිංහ වෙන්නත් පුළුවන්. ඒ කවුද කියලා හිතාගන්න ඕන කෙනෙකුට නිදහසක් තියෙනවා.

නමුත් කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි ඔබ ඒකට MS, MR වගේ නම් දැම්මේ නැත්තේ ඇයි කියලා?

එච්චර දුරට මම ඒ ගැන හිතුවේ නැහැ. මට හිතුන නම දැම්මා.

එහෙම නම් ඔබ ඒ දර්ශනය ඇතුළත් කළේ ඔබේ අලුත් මියුසික් වීඩියෝව ජනප්‍රිය කර ගැනීමේ අරමුණින්ද ?

මම මගේ හැම නිර්මාණයක්ම වෙනස් ආකාරයටයි ඉදිරිපත් කරන්නේ. මේ ගීතය මට විශේෂයි. 2013 වසරේ මම ගීතයක් ගායනා කලාට පසු මේ දක්වා වෙනත් අයට ගීත හදලා දුන්නා මිසක් මම ගීතයක් ගැයුවේ නැහැ. ඒ නිසා කාලෙකට පස්සේ මම ගායනා කරන ගීතය අලුත් විදියට ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා වෙනස් විදියේ මියුසික් වීඩියෝවක් කළා මිසක් එහි දේශපාලන ඉඟියක් නැහැ. නමුත් මම මුලින් කිව්වා වගේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් හිතන්න නිදහස් තියෙනවා.

සුරේකා නිල්මිණි ඉලංගකෝන් 

(ජනයුගය – 2017.09.10)

No comments:

Post a Comment

Post Bottom Ad