indapaper වෙඩ් අඩවිය ශ‍්‍රී ලංකාවේ සිටින වර්ෂයේ ධනවත්ම දේශපාලකයින් 10 දෙනෙකු පිළිබදව වාර්තාවක් ඉදිරිපත් කරනවා.
එම වාර්තාව මෙසේයි.
1. Mahinda Rajapaksa – $18 Billion
indapaper වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ පොහොසත්ම දේශපාලකයා වන්නේ 2005
නොවැම්බර් 19 වෙනිදා සිට 2015 ජනවාරි 08 වෙනිදා දක්වා රට පාලනය කරපු
මහින්ද රාජපක්ෂ මහතා.ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 18 ක් වෙනවා.
2. Arjuna Ranatunga – $68 million
ලංකාවේ දෙවෙනියට පොහොසත්ම දේශපාලකයා තමයි අර්ජුන රණතුංග මහතා.1996
ලංකාවට ක්‍රිකට් ශූරතාවය ගෙන ආවේ ඔහුගේ නායකත්වයෙන්.මේ වන විට ඔහුගේ වත්කම
ඇමරිකානු ඩොලර් මිලියන 68ක් වනවා.ඔහු වර්තමාන රජයේත් ඇමතිවරයෙක්.
3. Maithripala Sirisena – $14million
මෙම ලැයිස්තුවේ 3 වෙනි තැන ඉන්න මයිත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ 7
වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස 2015 වසරේ සිට කටයුතු කරනවා.මේ වන විට
එතුමාගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 14 බවයි indapaper වෙබ් අඩවිය
කියන්නේ.
4. Vinayagamoorthy Muralitharan – $1.8million
අවුරුදු 20ක්ම එල් ටී ටී ඊ සංවිධානයේ දෙවෙනියා විදිහට කටයුතු කරපු මොහුව සිංහල ජන සමාජය අඳුනා ගන්නේ කරුණා අම්මාන් විදිහටයි.
5. Arumugam Thondaman – $1.6million
පස්වෙනි තැන හිමිවෙලා තිබෙන්නේ ආරුමුගම් තොණ්ඩමාන්ටයි.පරම්පරාවෙන්
දේශපාලනයට පිවිසි ඔහුට තේ වතු,ඉඩම්,කර්මාන්ත ශාලා මෙන්ම පුද්ගලික
හෙලිකොප්ටර් පවා තිබෙන බවයි indapaper වෙබ් අඩවිය සඳහන් කරන්නේ.
6. Chandrika Kumaratunga – $1.3 Million
1994 සිට 2005 වසර දක්වා රට පාලනය කල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ වත්කම $1.3 Million ක් වනවා.
7. A. H. M. Fowzie – $1.1million
අබ්දුල් හමීඩ් මොහොමඩ් ෆවුසි..මෙතුමා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.මේ වන විට ඇමතිවරයෙක්.
8. Anura Kumara Dissanayaka – $1million
මේ කාරණයනම් ටිකක් හිතාගන්නත් අමාරුයි.මොකද දිසානායක මුදියන්සේලාගේ අනුර
කුමාර දිසානායක කියලා කියන්නේ වාමාංශික පක්ෂයක නායකයෙක් වන නිසා.ඒත් මේ
ලැයිස්තුවේ ඔහු ඉන්නේ 8 වෙනි තැන.
9. A. L. M. Athaullah – $850,000
හමඩ් ලෙබ්බේ මරයිකකාර් අතාවුල්ලා මහතා දේශපාලනයට අමතරව ව්‍යාපාරිකයෙකු
විදිහටත් කටයුතු කරනවා.වර්තමාන රජයේ ඇමතිවරයෙකුද වන ඔහු අම්පාර
දිස්ත්‍රිකකය නියෝජනය කරමින් තමයි පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ.
10. Ranil Wickremesinghe – $790,000
මේ ලැයිස්තුවේ 10 වෙනි තැන ඉන්නේ වර්තමාන අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා.1977 දි දේශපාලනයට පිවිසෙන ඔහු එක්සත් ජාතික පක්ෂයේ
නායකයාද වෙනවා.මේ වන විට ඔහුගේ වත්කම $790,000 ක් බවයි ගණන් බලා ඇත්තේ.
breakingnews.lk
Monday, September 11, 2017
ලංකාවේ සිටින පෝසත්ම දේශපාලනඥයින් 10 දෙනා මෙන්න (PHOTOS)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment