“හොරු අල්ලන්න“ - එජාප පසුපෙළ මන්ත්‍රීවරු හදිසියේම ජනපති හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 24, 2017

“හොරු අල්ලන්න“ - එජාප පසුපෙළ මන්ත්‍රීවරු හදිසියේම ජනපති හමුවෙයි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඊයේ(23) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

දූෂිතයන්ට එරෙහි නඩු කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් 52කු සහභාගී වී ඇති අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේය. මෙහිදී එජාප මන්ත්‍රීවරුන් වංචා හා දූෂණ පිළිබඳ නඩු කටයුතු ප්‍රමාදවීම පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දක්වා තිබේ. අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයාද මෙහිදී සිය එකඟතාව පළ කළ බව වාර්තා වේ.

මේ අතර ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මසකට වරක් ජනාධිපතිවරයා හමුවීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad