රාජ්‍ය සේවකයන් රට හැර යාමේ අවදානමක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 24, 2017

රාජ්‍ය සේවකයන් රට හැර යාමේ අවදානමක්!

GMOA_21_04_2017

රජය ගෙන ඒමට අදහස් කර තිබෙන නව දේශීය ආදායම් බදු පනත හේතුවෙන් රාජ්‍ය සේවකයන් රට හැර යාමේ අවදානමක් මතු වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවනවා.

නව දේශීය ආදායම් පනත් කෙටුම්පත හරහා රාජ්‍ය අංශයේ වෘත්තීයවේදීන්ට වන බලපෑම් නිවැරදිව තක්සේරු වී නොමැති බැවින් මේ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිත දැනුම් දීමක් කළ බවද සංගමයේ මාධ්‍ය ‍ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සදහන් කළා.

ඉතිහාසයේ බලයට පැමිණි සෑම රජයක්ම රාජ්‍ය නිලධරීන් සේවයේ රඳවා තබා ගැනීම සඳහා වරප්‍රසාද මෙන්ම බදුසහන ලබා දුන් බවත් මෙසේ රාජ්‍ය සේවකයන් රාජ්‍ය අංශයේ රඳවා ගැනීම මගින් ජනතාවට විශාල සේවයක් නොමි‍ලේ ලබාදීමට හැකියාව පවතින බවද ඔහු පෙන්වා දෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad