දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂ තුනක් වන ටෙලෝ, ප්ලොට් හා ඊ.පී.ආර්.එල්.එෆ්. යන පක්ෂ තුන ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට ක්‍රියාකරගෙන යන බව උතුරේ දේශපාලනඥයින් ප්‍රකාශ කරනවා.
දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ගෙන් ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ට දිගින් දිගටම අසාධාරණකම් සිදුවීමත්, ටෙලෝ සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය අතර උග්‍ර මත ගැටුමක් හට ගැනීමත් සමගම මෙම තීරණය කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. මේ පිළිබදව එම පක්ෂ තුනේ නායකයින් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසා ඇත්තේ තව දුරටත් දෙමළ ජාතික සන්ධානය සමග සිටීමෙන් සුළු දෙමළ පක්ෂ වටා සිටින ආධාරකරුවන් තමන්ට අහිමි වී යා හැකි බවයි.
ඉලංගෙයි තමිල්අරසු පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් සිදු කරන බලපෑම් සහ පළාත් සභාවේ මන්ත්‍රි ධුරයක් හුවමාරු කරගැනීම යටතේ ඉලංගෙයිතමිල් අරසු පක්ෂය වෙත පවරා ගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා. සුළු දෙමළ පක්ෂවලට නැගී සිටීමට ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඉඩ නොදීම නිසා ඉතාම ඉක්මනින් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීම වැදගත් බව මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇති බවත් සඳහන්. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වන්නේ නම් ඊළඟට පැවැත්වෙන කුමන හෝ මැතිවරණයකට පෙර ඉවත් විය යුතු බවටද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
Sunday, August 6, 2017
ඡන්දෙට කලින් පක්ෂ 03ක් හවුලෙන් ගැලවෙන්න යයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment