අක්මීමන හිල්සයිඩ්වත්ත සිරි සුදර්ශනගිරි විහාරස්ථානයේ රන් වැට විවෘත කිරීමෙන් පසු පැවති දහම් හමුවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයා මේසේද කිවේය. සිරියාවටත් මාව අල්ලගනී ද දන්නේ නැහැ. අද රටේ හැම පක්ෂයක්ම මහින්ද රාජපක්ෂ. එජාපය හා ශ්‍රි. ල. නි. පය කරන නව මඟුල් කෑම හරියන්නේ නැහැ. එළ හරකයි මී හරකයි දමලා කුඹුරු හාන්න ගියා වගේ වෙන්නේ. එකෙක් අනික් පැත්තට අදිනකොට අනික් කෙනා අනික් පැත්තට අදිනවා. අද ආණ්ඩුවට වෙලා තියෙන්නේ ඒක. එක් අයෙක් එක පැත්තකට අදිනවා.
අනික් කෙනා අනික් පැත්තට අදිනවා. කවුද නායකයා කියලා අපට හොයා ගන්න බැහැ. ප්‍රශ්නයක් ආවිට කියන්නේ ජනාධිපතිවරයාට ද. එයා කියනවා එයාට අදාල නැහැ කියලා අගමැතිවරයා කියනවා එයාට බලයක් නැහැ කියලා. එහෙම නැති නම් අනික් ඇමතිවරුද. මේ හැමෝම නායකයන්. රටේ ප්‍රතිපත්තිය ගැන වෙනත් ප්‍රශ්නයක් ගැන අහනවිට මේ අද ඊයේ පාර්ලිමේන්තුවට ආපු අයත් කථා කරනවා. වැඩ බැරිනම් අපේ පිට දමන්න එපා. දැන් වසර දෙකහමාරක් ගිහින් තියෙනවා. ආණ්ඩුව මොන තරම් බංකොලොත් වෙලාද කියලා කිව්වොත් පිංකැටයට ඉඳලා බදු ගහනවා.
හාමුදුරුවනේ ටිකක් ප්‍රවේශමෙන් ඉන්න මේ ගොඩනැඟිලි හැදුවේ කොහොමද ආදායම ගත්තේ කොහාමද කියලා ආදායම් බදු දෙපාර්තුමෙන්තුවෙන් ඇවිත් හොයන්න පුළුවන්. අපේ ආදායම එකතු කරන්න ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇමරිකාවට දෙන්න යනවා. ඒකට සුදානම් වෙන පනත ලෑස්ති කරලා තියෙනවා. එතකොට ආදායම් බදු දෙපාර්තමේන්තුව වහලා දමලා. ඒවා සමාගමක පවරලා පුද්ගලිකකරණය කිරීමේ වැඩපිළිවෙළ සකස් කරලා අවසන්. මේ තුලින් වෙන්නේ සල්ලි එකතු කරනවාට සියයට 20 ක කොමිස් එකක් ඒ අයට දෙන්න ඕන. නිකන් ඉඳලා මුදල් හොයනවා.
බෝකර් එජන්ත කාගේද දන්නේ නැහැ. පන්සලට, කෝවිලට කණ කෝකා හඬන යුගයක් බවට පත්වෙලා තියෙනවා. අද අපි ජාතින් වශයෙන් අපේ යුගයේ දී නැඟිsටින්න පුළුවන් වතාවරණයක් ඇතිකළා. නිදහසේ බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමේ වාසනාව අපට උදා වුණේ 2009 න් පසසේ. යුද්ධය අවසන් කිරීම නිසා වැඩි වාසියක් ලැබුණේ දෙමළ හා මුස්ලිම් ජනතාවට. කවුරු මොනව කිව්වත් සංහිඳියාවට කරපු විශාලම කාර්ය කළේ අපි. යුද්ධය අවසන් කරපු නිසා තමයි රට තුළ සංහිදියාවක් ඇති වුණේ. නැත්නම් වෛරයක් තිබුණේ.
මුස්ලිම් ජනතාව උතුරෙන් පන්නලා දමලා දෙමළ දේශපාලන නායකයන් හා දෙමළ ජනතාව ඝාතනය කළා. ඔවුන් ද හිටියේ බියෙන්. යම් යම් අවස්ථාවල සිද්ධීන් ඇති වුවත් එම සිද්ධීන් වැඩි වෙන්න අප ඉඩ දුන්නේ නැහැ. අද සංහිඳියාව කථා කරමින් මේ උදවිය ආගම්වාදය, ජාතිවාදය වපුරමින් ඉන්නවා. මේ අයගේ නොහැකියාව වසා ගන්න දිනෙන් දින මේ අය ඉතා සියුම් ලෙස මේ ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්නවා. ප්‍රධාන ආගම වශයෙන් බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතුයි. එයට කිසිදු ආගමික නායකයෙක් විරුද්ධ නැහැ.
නමුත් රජය එක එක අයගේ අරමුණු වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානවල අරමුණු වෙනුවෙන් කටයුතු කරණවා. ව්‍යවස්ථාවේ තියෙන වගන්ති වෙනස් කරන්නේ නැහැ නැහැ කිය කිය ඒවා වෙනස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ අය දියත් කරමින් ඉන්නවා. රටක ජාතින් අතර සුහදතාවය නිති මගින් ඇතිකරන්න බැහැ. හිරගෙවල් වල දමලා ඇති කරන්න බැහැ. තියෙන නිති හොඳටම ඇති. තියෙන නීතිය ක්‍රියාත්මක කරණවා නම් ඒ හොඳටම ඇති. නමුත් ජනතාව අතර වෛරය ක්‍රෝධය වපුරවන්න නායකයන් සුදානම් විය යුතු නැහැ. අද මේ ආණ්ඩුවට හැම එකකටම වැරදි කාරයා මහින්ද රාජපක්ෂ. කුණු ගොඩටත්, උමා ඔයටත්, සයිටම් එකටත් මම. මා නැති එකක් නැහැ.
ගමේ සංස්කෘතිය විනාශ වෙනවා. අද සභ්‍යත්වය සංස්කෘතිය මේ ආණ්ඩුවේ නැහැ. ඒ වචනවලටත් මේ ආණ්ඩුව සලකන්නේ නැහැ. පොල් ගෙඩියේ මිල ඉදලා එළවළු දක්වා හැම භාණ්ඩයකම මිල වැඩිවෙලා තියෙනවා ඩොලරය ඉදිරියේ. රුපියල බාල්දු වෙලා. මේ නිසා භාණ්ඩ මිල වැඩිවෙලා. රටේ ජනතාවට මේ ආණ්ඩුව කන්න දෙන්න හදන්නේ රටේ දේපල විකුණලා. තියෙන දේපලවලට වටිනාකම් ඇති කළේ අපි. දකුණට වරායක් ඉදිකළා. දැන් වාරය විකුණන්න හදනවා. මත්තල ගුවන්තොටුපොළ නිසා ඒ ඉඩම්වල මිල වැඩි වුණා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික විකුණන්න හදනවා. මත්තල විකුණා ගන්න මේ අය කියනවා වටිනාකමක් නැහැ කියලා. ගුවන්තොටුපොලකට වී පටවපු ලෝකයේ එකම රට ලංකාව.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
No comments:
Post a Comment