ඊළගට අයින් කරන කෙනා ගැන ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 1, 2017

ඊළගට අයින් කරන කෙනා ගැන ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු හෙළිකරයි

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) සිම්බාබ්වේ පිල සමඟින් පැවති තරඟයෙන් පරාජය වීමත් සමඟ මේ වන විට බොහෝ පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරේ දැඩි අප්‍රසාදයෙන් පසුවෙනවා. ඊයේ (30) තරඟයෙන් පසුව  ශ්‍රී ලංකා පිලේ වේග පන්දු පුහුණුකරු ලෙසින් තෝරාගෙන තිබෙන ඇලන් ඩොනල් ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහනක් යොදා තිබුණා.

එයින් කියැවුණේ සිම්බාබ්වේ පිළ තරඟාවලිය ආරම්භ කළ ආකාරය විශිෂ්ට බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඊළඟට සිදුකරන්නේ තාවකාලික පුහුණුකරු සේවයෙන් ඉවත් කිරීමද යන්න ප්‍රශ්න කරමිනුයි. මේ පිළිබඳව ඔහුගේ ට්විටර් ගිණුමට බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා තිබුණු අතර ඔහුගේ එම සදහනෙන් නොකියා කියැවුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුලත ප්‍රශ්න රැසක් පවතින බවදැයි කිහිපදෙනෙකුට ප්‍රශ්න කර තිබුණා.

ඔහුගේ ට්විටර් පණිවුඩය පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad