පන්දුවාර 50 ලෝක කුසලානයෙන් පසුව තියෙන විශේෂම කුසලානය තමා විස්සයි විස්ස ලෝක කුසලානය.
ගිය අවුරුද්දේ තිබ්බ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ජය ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම. මතකනේ අවසන් ඕවරයට පිට පිට හයේ පහරවල් හතරක් එල්ල කරමින් කොදෙව් පිතිකරුවගේ හපන්කම.
අවුරුදු දෙකකට සැරයක් පවත්වන විස්ස විස්ස ලෝක කුසලානයේ මීළඟ තරඟාවලිය පවත්වන්න නියමිත වෙලා තිබුණේ ලබන අවුරුද්දේ. නමුත් ICC ය ගත් තීරණයක් නිසා මේ කුසලානය ලබන අවුරුද්දේ පවත්වන්නේ නැහැ. ඒ 2018 අවුරුද්දේ තරඟාවලි බොහොමයක් පැවැත්වීම නිසා.
ඉතින් ICC එක කියන්නේ ලබන වසරේ දකුණු අප්‍රිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබුණු විස්සයි විස්ස ලෝක කුසලානයට ඉඩක් නැහැ කියලා. මේ නිසා විස්සයි විස්ස ලෝක කුසලානය 2020 දි පවත්වන්න ICC එක තීරණය කරලා.
Monday, June 19, 2017
ලබන අවුරුද්දේ තියෙන විස්සයි විස්ස ලෝක කුසලානයට ICC එකෙන් තිත තබයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment