ඔබ ලස්සන කාන්තාවක්ද? ඔබ ලස්සන පිරිමියෙක්ද ? ලස්සන බොහෝ විට සාපේක්ෂ දෙයක් එය දකින්නා තීරණය කරන දෙයක්. ඒත් පුරාන ග්‍රීසියේ ආදි ග්‍රීකයන් සිට මොනාලිසා සුන්දර සිනාව කැටි කරගත් ලියනාඩෝ ඩාවින්සි සමයේ සිට ලස්සනට නිල අර්ථකතනයක් දෙන්නට යොදාගත් අපූරු මිම්මක් ගැන වාර්තා වෙනවා.
මෙය සරල පරීක්ෂණයක් ඔබේ නාසයේ තුඩත් නිකටේ මධ්‍යයත් අතර ඔබේම ඇගිල්ලක් කෙලින් තැබූ විට එම ඇගිල්ලට ඔබේ තොල්පෙති ස්පර්ශ වෙනවාද ? එසේ නම් ඔබ නිල වශයෙන් සුන්දර කාන්තාවක් සුන්දර පිරිමියෙක්
මෙම පරීක්ෂණය පසුපස විද්‍යාත්මක නිර්වචනයක්ද තිඛෙනවා. පුද්ගලයෙකුගේ සුන්දරත්වය ඔප් නංවන්නේ ඔහුගේ හෝ ඇයගේ ඉඳුරන් නියම අනුපාතයට තිබීම අනූවයි. විශේෂයෙන්ම මෙහිදී මුහුණේ සියුම් අනුපාත තීරණාත්මකයි ඉහතින් දැක්වූ අනුපාතය ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් ස්වකීය රෝගීන් වත (මුහුණ) ආකර්ශණීයව ප්‍රතිනිර්මාණයෙහිලා යොදා ගන්නවා.
නාස් තුඩත් නිකටත් අතරේ තබන ඇගිල්ල තොල ස්පර්ශ වන රේඛාව ricketts e line යනුවෙන්ද හැඳින්වෙනවා. ඒ 1950 දශකයේදී රොබට් රිකට්ස් නම් හණුක වෛද්‍යවරයෙක් ඒ ගැන විද්‍යාත්මකව කතා කළ නිසයි. ඇත්තෙන්ම මේ සරළ පරීක්ෂණය ඔහුගේ නිර්මාණයක් නොවෙයි දුරාතීතයේ සිට පැවත එන්නක්. කාන්තාවක වුණත් පිරිමියෙකු වුණත් කවර වයසකට අයත් වුණත් නිසැකයෙන්ම මෙය කියවන ඔබද සුන්දරත්වයේ පරීක්ෂණයට ලක් වීමට උත්සාහ කරන බවත් මම ඉන්තේරුවෙන්ම දන්නවා.
Thursday, May 25, 2017
ලස්සන කාන්තාවන් හා පිරිමින්ගේ සුන්දරත්වය හෙළි කරන ricketts e line අනාවැකිය
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment