ගීතාගේ ඩියුටි ෆ්‍රී වාහනයේ බදු මුදල් අය කර ගන්නැයි ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

ගීතාගේ ඩියුටි ෆ්‍රී වාහනයේ බදු මුදල් අය කර ගන්නැයි ඉල්ලීමක්

ගීතාගේ ඩියුටි ෆ්‍රී වාහනයේ බදු මුදල් අය කර ගන්නැයි ඉල්ලීමක්
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු ලෙස සලකා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහෝසි කිරීම නිසා ඇය වෙත තීරු බදු සහන යටතේ නිකුත් කර තිබූ වාහනය සඳහා අදාල බදු මුදල් වහාම අයකරගැනීමට කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.

මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් සහ කථානායකවරයාගෙන් කැෆේ සංවිධානය ලිඛිතව මෙම ඉල්ලීම කර තිබේ.  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය වෙත රජයෙන්  තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කොට ඇති අතර ඒ සදහා තීරු බදු සහන ලබා දී ඇති බවත්  එමගින් රජයට අය විය යුතු බදු මුදල් අහිමිවීමක් සිදුව ඇති බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි.  

එබැවින් හැකි ඉක්මනින්, ගීතා කුමාරසිංහ මහත්මිය ගේ රථයට අය විය යුතු රජයේ බදු මුදල් ද,එයට අය විය යුතු අධි භාරය ද අය කර ගැනීම සදහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad