ගීතාගෙන් පසු ලැයිස්‌තුවේ පියසේන ගමගේට මන්ත්‍රී ධූරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

ගීතාගෙන් පසු ලැයිස්‌තුවේ පියසේන ගමගේට මන්ත්‍රී ධූරය

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම හේතුවෙන් පුරප්පාඩු වන ගාල්ල
දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීම සඳහා හිටපු ඇමැති පියසේන ගමගේ මහතා සුදුසුකම් ලබා ඇත. 

පියසේන ගමගේ මහතා මනාප ඡන්ද 47248 ක්‌ ලබා පරාජිත මනාප ලැයිස්‌තුවේ ඉහළින් සිටී. 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මන්ත්‍රීවරුන් 06 දෙනකු ජයග්‍රහණය කළ අතර ඉන් මනාප ඡන්ද 63955 ක්‌ ලබා ගීතා කුමාරසිංහ මහත්මිය පස්‌වැනි ස්‌ථානයට තේරී පත්වූවාය.

අභියාචනාධිකරණය මෙම නඩු තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තුවට දැනුම් දුන් පසු පාර්ලිමේන්තුව ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දී ඔවුන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට දැනුම් දීම අනුව නව පත්වීම සිදු කරන්නට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad