පුතාලා තුන්දෙනා ඉන්නකං මහින්ද එල්ලන්න ලේසි වෙන් නෑ - නාමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

පුතාලා තුන්දෙනා ඉන්නකං මහින්ද එල්ලන්න ලේසි වෙන් නෑ - නාමල්


බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (03දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේ කියා ඇත.

‘ආණ්ඩුවක් හැටියට ජනාධිපතිවරයා,

අගමැතිවරයාගෙන් මේ රටේ කම්කරුවන්ට රටේ වැඩකරන ජනතාවට වගේම තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්නේ කොහොමද කියන දේ පිළිබඳව ප්‍රතිපත්තිමය දේශපාලනයයි බලාපොරොත්තු වුණේ. 

නමුත් ආණ්ඩුව පිහිටුවලා අවුරුදු තුනක් යනවිටත් තවම කතා කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා ගැන. දැන්වත් මේ රටේ සැබෑ ජනමතය තියෙන්නේ කොතනද සහ ජනතාවගේ සැබෑ අවශ්‍යතාව කුමක්ද කියලා අවබෝධ කරගන්න. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ කණ්ඩායමට අපි ආරාධනා කරනවා දැන්වත් අපිත් සමඟ එකතු වෙන්න කියලා. 

මහින්ද රාජපක්ෂ මහතාව සාටකයෙන් එල්ලනවා කියපු මහත්තයාම තමයි මේ රටේ විනය හදන්න දාලා තියෙන්නේ. මහින්ද මහත්තයාව සාටකෙන් එල්ලන්න ලේසි නැහැ. පුතාලා තුන්දෙනෙක් ඉන්නවා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා එතුමා වටේ. එතුමා ළඟට යන්න කලින් අපිව එල්ලලා ඉන්න වෙයි.‘

No comments:

Post a Comment

Post Bottom Ad