ආරක්ෂක අංශ නියෝජනය වන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඉහළ තනතුරක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩයේ සාකච්ඡාවට ලක් කෙරුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ප්‍රධාන වශයෙන් අංශ කිහිපයක විනය ගොඩනැංවීම අරමුණු කර ගනිමින් සරත් ෆොන්සේකා මහතාට මෙම තනතුර ලබාදම කෙරෙහි අවධානය යොමුවී ඇති බව හෙතෙම කියා සිටියේ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමාගෙන් විමසූ බවයි.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයාමේදී ඇතිවන කඩාකප්පල්කාරී තත්ත්වයන් ඇතිවීමේදී හා වෙනත් හදිසි තත්ත්වයන් යටතේ ඇතිවන ගැටළු විසඳීමේදී යම් කිසි සංවිධානයක් ගොඩනැඟුවහොත් එහි වගකීම බාරගෙන කටයුතු කරගෙන යා හැකිදැයි එහිදී ජනාධිපතිවරයා විමසා සිටිය බව ෆොන්සේකා මහතා සඳහන් කළේය.
අමාත්‍ය ධූරයෙ සිටින අතරවාරයේ අමතර වගකීමක් ලෙස එය පැවරීම පිළිබඳ අවධානය යොමු කළද, ඊට අදාළ නිසි ක්‍රමවේදයක් සාකච්ඡා නොකළ බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින‍් නිශ්චිත උපදෙස් ලබා නොදුන් බවත් ඔහු පෙන්වා දුන්නේය.
රටේ සාමාන්‍ය පරිපාලන කටයුතු පවත්වාගෙන යාමේදී ඒවා කඩා කප්පල් කිරීමට නොයෙකුත් දේශපාලන අනුදැනුම මත ඇතැම් පිරිස් පියවර ගන්නේනම්, රජයේ ක්‍රියාකලාපයන් ට එමගින් බාධා පැමිණෙන්නේනම් , රටේ සාමාන්‍ය පරිපාලන සේවා පවත්වාගෙන යාමට එය බාධාවක් බව ෆොන්සේකා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Wednesday, April 26, 2017

හදිසි තත්ත්වයන් ගොඩදාන්න හමුදාව සූදානම් කරන්න ජනපති ෆොන්සේකාගෙන් ඉල්ලයි
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment