පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව නඩුවක් ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද කුරුදුවත්ත පොලීසියට නියෝග කළා.
ඒ, පසුගිය 2016 වසරේ පෙබරවාරි 6 වනදා මෙරට සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඞ් අල්හුසේන් මහතාගේ පැමිණීමට විරෝධය පල කරමින් පැවැත්වූ විරෝධතාවයක් හේතුවෙන්. කොළඹ 7 බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල ඇතුළු ප්‍රදේශය මූලික කර ගනිමින් සිදු කළ එම විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා කරමින් අදාල නඩුව ගොනු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ.
විරෝධතාව පිළිබඳව කුරුඳුවත්ත පොලීසිය විසින් එවකට අධිකරණයට වාර්තා කළ කරුණු මත මහේස්ත්‍රාත් අධිකරණය විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු තවත් 6 දෙනෙකුට එරෙහිව නඩු පවරන්නැයි නියෝග කළා. මෙම නියෝගය අනුව විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිලි විජේනායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඞ් මුසම්මිල් සහ චමින්ද ජයලාල් යන මහත්වරුන්ට එරෙහිව අදාල නඩුව ගොනු කරන ලෙසයි නියෝගයේ සඳහන් වන්නේ.
Monday, April 24, 2017
විමල් තවත් නඩුවකට පැටලෙයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment