මට විනය පරීක්‍ෂන තියන්න ආවොත් එජාපයේ රෙද්ද ගලවනවා..- අලූවිහාරේ කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 10, 2017

මට විනය පරීක්‍ෂන තියන්න ආවොත් එජාපයේ රෙද්ද ගලවනවා..- අලූවිහාරේ කියයි..

පක්‍ෂය විසින් තමන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වුවහොත් එජාපයේ රෙදි ගැලවෙන්න කියන බව මාතලේ මහ නගර සභා හිටපු විපක්‍ෂ නායක ඩල්ජිත් අලූවිහාරේ පවසයි.

තමන්ද විනය පරීක්‍ෂණයකට කැදවන තෙක් බලා සිටින බවද ඔහු පැවසුවේ මාතලේ එජාප දිස්ත‍්‍රික් කාර්යාලයේදී පසුගියදා ප‍්‍රසිද්ධියේ එජාපය දැඩි ලෙස විවේචනය කිරීමට එරෙහිව එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් විනය පරීක්‍ෂණ කැදවා තිබීම ගැන අදහස් පල කරමිනි.

‘යහපාලනය බලයට පත්වෙලා අවුරුදු දෙකක් වුනත් පාක්ෂිකයන්ට කිසිම දෙයක් කළේ නෑ. මට විනය පරීක්ෂණ තිවුවොත් එජාපයේ රෙද්ද ගැලවෙන්න මං කියනවා. අද එජාපය පාලනය කරන්නේ රනිල් චරිත රත්වන්තේ රවි කරුණානායක මලිත් සමරවික‍්‍රම අකිල විරාජ් සාගල රත්නායක ඇතළු සුළු පිරිසක්.

හිටපු ජනපති මහින්දට හොද පිරිසක් ඉන්නවා. ඔහු වටා ජන රැල්ලක් තිබෙනවා’ යයිද ඔහු වැඩි දුරටත් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad