මීතොටමුල්ල ප්‍රශ්නය නිසා කොළඹ කුණු දාන්න දැන් තැනක් නෑලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 15, 2017

මීතොටමුල්ල ප්‍රශ්නය නිසා කොළඹ කුණු දාන්න දැන් තැනක් නෑලු


ඊයේ මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් පසු පවතින තත්ත්වය මත තවදුරටත්
මීතොටමුල්ල ප්‍රදේශයට
කොළඹ කුණු බැහැර කළ නොහැකි බැවින් කොළඹ අවට මේ දක්වා කුණු යොමු කළ ස්ථාන සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබේ.
ඒ සඳහා එක්වරම විකල්ප ස්තාන සොයාගැනීම දුෂ්කරව ඇති බැවින් කොළඹ කුණු එක්රැස්වීමේ අවදානමක් මතුව තිබෙන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර දන්වා සිටී,
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද 15 දිනයේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙන බව වාර්තාවේ.
කොළඹ මහ නගර සභාවේ උසස් නිලධාරීන් සමඟ පැවැත්වෙන එම සාකච්ඡාවෙන් පසු කුණු බැහැර කරලීම
සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad