මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත්වූ ජනතාවට යළි සමාන්‍ය ජීවන තත්ත්වය උදාකර ගැනීම සඳහා “යළි පුබුදන මීතොටමුල්ලට ලිට්රෝ ගෑස් හිතවත්කම“ නමින් ලිට්රෝ ගෑස් සමාගම විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව මීතොටමුල්ල විපතට පත්වූ ජනතාව වෙනුවෙන් ආධාර බෙදාදීමේ උත්සවයක් අද(24) කොලොන්නාව, සාලමුල්ල ලක්සඳ නිවාස යෝජනා ක්‍රමයේදී පැවැත්විණි. එහිදී මීතොටමුල්ල විපතට පත්වූ පවුල් 30ක් සඳහා ලිට්රෝගෑස් සිලින්ඩර්, ගෑස් උදුන් ඇතුළු අවශ්‍ය උපකණ නොමිලේ ලබා දුන් අතර ඉතිරි පවුල් සඳහාද ඉදිරියේදී එම ආධාර ලබා දීමට නියමිත බව එම සමාගම පවසයි.
මීතොටමුල්ල ඛේදවාචකයෙන් පවුල් 98ක් අවතැන් වූ අතර එම පවුල් සියල්ල සඳහා ලිට්රෝ ගෑස් සමාගම සිය ආධාර ලබා දීමට සැලසුම් කර තිබේ. එම අවස්ථාවට ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ කළමණාකාරීත්වය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

No comments:
Post a Comment