ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව භයේ රාත්‍රියේ සිට ආරම්භකර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට ඉන්ධන පිරවුම්හල් අසල වාහන පෙළ ගැසී ඇති බව වාර්තාවේ. අද 24 හෙට 25 පමණ වනවිට බෙදාහැරීම නැවතීම මත ඒවායේ ඉන්ධන තොග අවසන්වීමේ අවදානමක් පවතී.
ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් මෙම වර්ජනය අරඹා ඇත. අද (24) උදෑසන වෘත්තීය සමිති නායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම ගැටලුව තමන්ට අදාළ නැති බවත් තමන් සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 18ක් පමණ ඔවුන් ආවරණය කරයි.
Monday, April 24, 2017
වර්ජනයෙන් අයිඕසී ප්‍රශ්නයක් නෑ- ලංකා තෙල් පිරවුම්හල් වල සෙනග
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment