හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රභූ ආරක්ෂක වාහනද සමග පාර්ලිමේන්තුවේ සිට බෞද්ධාලෝක මාවත දෙසට යමින් සිටියදී, එකවර පැමිණි මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයා ගමන්ගත් රථයට බාධා කරමින් හරස්කර ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය පරීක්ෂණයක් අරඹා තිබෙනවා.
අයුතු ලෙස වාහනයට අවහිර කිරීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ පොලිස් පරීක්ෂකවරයකු විසින් වැලිකඩ පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ. වැලිකඩ පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය හමුවේ මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කර මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බව දැනුම් දී තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ වාහනයට අවහිර කළ වාහනයේ දෙදෙනකු සිටි බවත්, ඔවුන් නාවික හමුදාවේ නිල ඇඳුමට සමාන ඇඳුම් හැඳ සිටි බව පැමිණිල්ලේ සඳහන් වනවා. මෙම සිද්ධිය හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් බවද හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වනවා.
Sunday, April 9, 2017
නාවික හමුදාවේ ඇඳුමට සමාන ඇඳුම් හැඳ සිටි ‘දෙදෙනෙක්’ මහින්දගේ වාහනයට වෙට්ටු දමලා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment