කුඹුරු ගොඩකිරීම වැළැක්වීමට ගිය නිලධාරීන්ට නියෝජ්‍ය ඇමැතිගෙන් බාධා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 10, 2017

කුඹුරු ගොඩකිරීම වැළැක්වීමට ගිය නිලධාරීන්ට නියෝජ්‍ය ඇමැතිගෙන් බාධා

කුඹුරු ගොඩකිරීම වැළැක්වීමට ගිය නිලධාරීන්ට නියෝජ්‍ය ඇමැතිගෙන් බාධා
අවසරයකින් තොරව කුඹුරක් ගොඩකර පාරක් ඉදිකිරීම වැළැක්වීමට ගිය ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා බාධා කළ බව කියමින් එම නිලධාරීන් දොඩංගොඩ ‍පොලීසියට පැමිණිලි කර ඇත.

දොඩංගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරී සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
බෝම්බුවල කොස්හේන, කෙහෙල්වතුමුල්ල නමැති කුඹුරු ඉඩම තිබූ මාර්ගය අඩි 8ක් දක්වා අනවසරයෙන් පුළුල් කරන බව කියමින් කෙසෙල්වතුමුල්ල, කොස්හේන පදිංචි ජී.පී.එන්. මිලින්ද යන අය දොඩංගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව දොඩංගොඩ ‍පොලීසියේ නිලධාරීන් දෙදෙනකුද සමග කුඹුරු ඉඩම් ගොඩකිරීම වැළැක්වීමට ගිය අවස්ථාවේදී එහි සිටි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා තමාගේ රාජකාරියට බාධා කළ බව කියමින් සමන්ත හෙට්ටිආරච්චි මහතා ‍පොලීසියට පැමිණිලි කර ඇත. මෙම බාධා කිරීම හමුවේ තමාට ආපසු හැරී ඒමට සිදුවූ බවද ඔහු පැමිණිල්‍ලේ සඳහන් කර ඇත. දොඩංගොඩ ‍පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad