මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු පැවසීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ ක්‍රියාකලාපය දෝෂ දර්ශණයට ලක් කළ බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමසීම සභාව පත්කරන ලද ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරුන් මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු නොපැවසීමට සැළකිලිමත් වන ලෙස බන්ධුල ගුණවර්ධන මහතාට අද (09) අවවාද කළේය.
බැඳුම්කර කොමිසමට වාර්තාවක් යැවු බව මාධ්‍ය හමුවේදී තමා පැවසු කරුණු අසත්‍ය බව බන්ධුල ගුණවර්ධන මහතා බැඳුම්කර කොමිසම හමුවේ පිළිගැනීමෙන් අනතුරුව ඔහුට අවවාද කළ කොමසාරිස්වරු ඉන් අනතුරුව ඔහුගේ ප්‍රකාශයක්ද සටහන් කර ගත්හ.
බැදුම්කර ගණුදෙණුව පිළිබඳව තමා දන්නා තොරතුරු හෙළි කිරීම සඳහා තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස බන්ධුල ගුණවර්ධන මහතා බැඳුම්කර කොමිසමෙන් කර තිබු ඉල්ලීමකට අනුව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (08) කළ දැනුම් දීමකට අනුව ඔහු අද (09) එහි පෙනී සිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥ නාමල් රාජපක්ෂ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේය.
කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ මෙහෙයවීම යටතේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්ධුල චන්ද්‍රසිරි ගුණවර්ධන (62) මහතාගෙන් සාක්කි මෙහෙයවනු ලැබිණි.
No comments:
Post a Comment