තුන්කොන් සටනින් පසු නීතීඥ සංගමයේ සභාපති පුටුව උදය රොහාන්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 16, 2017

තුන්කොන් සටනින් පසු නීතීඥ සංගමයේ සභාපති පුටුව උදය රොහාන්ට

තුන්කොන් සටනින් පසු නීතීඥ සංගමයේ සභාපති පුටුව උදය රොහාන්ට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස යු.ආර්.ද සිල්වා මහතා තේරී පත්ව තිබේ.

එම සංගමයේ 24 වැනි සභාපතිවරයා ලෙස පත්වීම සඳහා නීතීඥ අනුර මැද්දේගොඩ, නීතීඥ උදය රෝහාන් ද සිල්වා සහ ආර්. ආර්. එස්. තංගරාජා යන මහත්වරු තරඟ කළේය.

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වැනි සභාපතිවරයා තෝරා ගැනීම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 77 කදී පැවැත්වූ මෙම  නිලවරණයේ ඡන්දය දීමට ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකත්වය ලබා ඇති නීතීඥවරුන් 14,000 ක් සුදුසුකම් ලබා තිබිණි.

මෙම මැතිවරණයේ තේරීම් භාර නිලධාරීවරයා වශයෙන් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුහද ගම්ලත් මහතා කටයුතු කළ අතර ප‍්‍රාදේශීය තේරීම් බාර නිලධාරීන් වශයෙන් දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් හා මහෙස්ත‍්‍රාත්වරු කටයුතු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad