අතුරලියේ රතන කියන භික්ෂුව නළුවෙක් නොවුනද සෑමදාම රඟපෑම් සිදු කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.
රන්ජන් රාමනායක නළුවෙකු බවත් ඔහු දේශපාලනයේ රඟපෑම් තමා ක්‍රියාත්මක කරන බවත් පැවසූ නාලක හිමියන් අතුරලියේ රතන කියන භික්ෂුව නළුවෙක් නොවුණට හැමදාම රඟපෑමක් සිදු කර ඇති බව කියා සිටියේය.
දැන් රණවිරු දඩයම කියන එක මාතෘකාවට ගෙන මතුවෙන්න හදන බවත් එය ජනාධිපති, අගමැති ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් බවත් ඒ හිමියෝ පෙන්වා දුන්හ.
ඒ අනුව ජනතා අප්‍රසාදය නැතිකරගෙන මතුවීමට හදන බවත් ආණ්ඩුව රැකගැනීමේ වැඩපිළිවෙලක් බවත් නාලක හිමියන් සඳහන් කළහ.
No comments:
Post a Comment