ඉදිරියේදී දිවයින පුරා භූමිතෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් මේ වන විටත් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට භූමිතෙල් ප්‍රවාහනය අවම වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පවසයි.
කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ භූමිතෙල් නොමැති බවත් පෙන්වා දුන් ආනන්ද පාලිත මහතා සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේ පමණක් භූමිතෙල් ටොන් 4000ක් පවතින බව ද කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සපුගස්කන්ද තෙල් ගබඩා සංකීර්ණයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විට එහි ප්‍රමාණවත් තරම් භූමිතෙල් ගබඩා කර ඇති බවයි.
ටැංකිවල පවතින ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ භූමිතෙල් ගබඩා නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
මේ වනවිට සපුගස්කන්ද තෙල් ගබඩා සංකීර්ණයේ භූමි තෙල් ටොන් 50,000ක් පමණ ගබඩා කර ඇති බව ද වාර්තා වේ.
No comments:
Post a Comment