වැටුප් ගැටලුව විසඳීම සඳහා ලබන 27 වැනිදා දක්වා සති දෙකක කාලයක් ලබා දෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. එම දෙසතිය ඇතුළත ද විසඳුමක් ලබා දීමට අපොහොසත් වන්නේ නම් අත්හිටුවන ලද වැඩ වර්ජන ක්‍රියාමාර්ගය යළි ක්‍රියාත්මක කිරීමට ද එම සම්මේලනය තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යාංශය සමඟ ලබන 13 වැනිදා සාකච්ඡාවක් ලබා දෙන බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දුන් පොරොන්දුව මත ඊයේ (09) පැවැත්වීමට නියමිත වූ වර්ජනය අත්හිටුවීමට සම්මේලනය පියවර ගෙන තිබිණි. ලබන සඳුදා පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසී ය.
සමස්ත රාජ්‍ය සේවයේ නව වැටුප් ක්‍රමය ආචාර්යවරුන්ට අදාළ කිරීමේ දී වැටුප් අඩු වීමක් සිදු වී ඇති අතර ආචාර්යවරුන් ඉල්ලා සිටින්නේ ඊට විසඳුමක් ලබා දෙන ලෙසය.

No comments:
Post a Comment