මම ණය වෙලා කියලා දන්නවානම් රට භාරගත්තේ ඇයි? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

මම ණය වෙලා කියලා දන්නවානම් රට භාරගත්තේ ඇයි? (VIDEO)

මම ණය වෙලා කියලා දන්නවානම් රට භාරගත්තේ ඇයි? (VIDEO)
ආණ්ඩුව හොරකමින් ලබාගත් මුදල් වලින් ඉපැයූ සියලු දේපළ තම ආණ්ඩුවක් යටතේ යළි ජනතාව අතට පත්කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

"පෙරළියක ඇරඹුම" මැයෙන් නුගේගොඩ නගරයේ ඊයේ (27) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලිය ඇමතු ඔහු, මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව රටේ සිදුවූ 'මහා මංකොල්ලය' ලෙස හෙතෙම පෙන්වා දෙයි. "අපේ රජය පිහිටුවපු දාට, ඒ සියලු හොරකම්වලින් ගත්තු සල්ලි වලින් ගත්ත සියලු දේපල අපි ජනතාව සන්තක කරනවා, ජනතාව අතට පත්කරනවා" යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

තම ආණ්ඩුව රට ණය කළ බවට වත්මන් ආණ්ඩුව නගන චෝදනා බැහැර කළ හිටපු ජනාධිපතිවරයා එළෙස ණය වී ඇත්නම් රට භාරගත්තේ මන්දැයි ප්‍රශ්න කළේය. "අපි ගත්තේ දීර්ඝ කාලීන ණය, දැන් කියනවා මේ රටේ ආර්ථිකය ගැන දැනගෙන තමයි මැතිවරණයක් තියලා ඉබේ පැරදුනේ, මගේ ඕනකමටලු මම පැරදුණේ, ඉතිං එයාලා දන්නවනම් මම ණය වෙලා තියෙනවා කියලා ඇයි මොන මඟුලකටද ගත්තේ" යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙන්ම හිටපු අමාත්‍යවරයකුවන 'කරුණා අම්මාන්' හෙවත් විනායගමුර්ති මුරලිදරන් ද රැළිය ඇමතුහ.
එසේම, රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ පටිගත කරන ලද කතාවක් ද රැළියේදී විකාශනය කෙරුණු අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් ද එහි විය.

No comments:

Post a Comment

Post Bottom Ad