GSP නැතිවීමෙන් ගැටලුවක් වුණේ නෑ – මහින්ද කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 13, 2017

GSP නැතිවීමෙන් ගැටලුවක් වුණේ නෑ – මහින්ද කියයි

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව GSP ප්ලස් තීරුබදු සහනය යළි ලබාදීම ගැන විශේෂත්වයක් නොදකින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වැලිකඩදී විමල් ළුීරවංශ මන්ත%ීවරයාගේ සුවදුක් බලන්නට ගිය අවස්ථාවක මාධ්‍ය අමතා සඳහන් කළේය.

තම පාලන කාලය තුළ

මෙම සහනය ඉවත් කළද එයින් රටට පාඩුවක් නොවුණ බවත් ඔහු පෙන්වා දුන්නේය. අවසන් යුද සමයේ මානව හිමිකම් කඩකලේය යන චෝදනාව මත ශ්‍රී ලංකාවට GSP සහනය අහිමි කරනු ලැබුවේ 2009දීය.

එම අහිමිව යාමෙන් පසු ලංකාවේ ආයෝජනය කළ ඇතැම් විදෙස් ඇඟලුම් සමාගම් වසා දමන තත්ව උද්ගතවූ අතර අලුතින් ආයෝජන සිදුකිරීමද ඇණිහිටි අතර යුරෝපා ඇඟලුම් අපනයනය නිසා ලැබෙමින් පැවති විශාල ආදායමක් අහිමි විය.

No comments:

Post a Comment

Post Bottom Ad