මහින්ද රාජපක්‍ෂ මට දණගහලා වැන්දා.. මෛත්‍රී නැවත ජනාධිපතිවරණයකට නෑ.. දුෂිත ගෝල බාලයෝ අස්කරන්න ඕනෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

මහින්ද රාජපක්‍ෂ මට දණගහලා වැන්දා.. මෛත්‍රී නැවත ජනාධිපතිවරණයකට නෑ.. දුෂිත ගෝල බාලයෝ අස්කරන්න ඕනෑ..

එකල තමන්ගේ කැබිනට් මණ්ඩලයේ ඇමති ධුරයක් මහින්ද රාජපක්‍ෂට ලබා දුන් විට ඔහු ඉතා සතුටට පත්ව තමන් හමුවට පැමිණ ‘තැන්ක්යූ’ කියා තමනට වැන්ද බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

සති අන්ත ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් ඇය සදහන් කරන්නේ 2005 වසරේදී ශ‍්‍රීලනිප ජනාධිපති අපෙක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ නම් කිරීම තම ජීවිතයේ විශාලම වැරැද්ද බවයි.

‘මීට වඩා ඉක්මණට ආණ්ඩුව වැඩ කරගෙන යනවා නම් ඒකට මමත් කැමතියි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් අද ඇමති ධූර දරන හුඟාක් අය පසුගිය දූෂිත ආණ්ඩුවේත් ඇමතිකම් කරපු අයල එජාපයේ ඇමතිකම් දරණ සමහර අය මීට කලින් ඇමතිකම් දරපු අය නෙමෙයි ආණ්ඩුවේ වැඩ මන්දගාමී වෙන්න මේක එක හේතුවක්’ යැයිද ඇය එහිදී සදහන් කර ඇත.

ඉරිදා ලංකාදීපය:- මේ වෙනකොට සම්මුති ආණ්ඩුවේ දෙපැත්තේ ඇමතිවරු එකිනෙකාව විවේචනය කරගන්න තත්ත්වය පෙනෙන්නට තිබෙනවා?

 
හිටපු ජනාධිපති :- ඒක තමයි මම කලිනුත් කිව්වේ, මෙතන පසුගිය අවුරුදු නවය පුරාම එකට හොරා කාපු උදවියත් ඉන්නවා, ඒ අයට ආපහු හොරා කන්න තියෙන උවමනාවන් උඩ පරණ ආණ්ඩුව ගේන්න උත්සහ කරනවා වෙන්න පුලුවන්, පක්ෂයක් හැටියට අපි මේ වගේ දේවල් ගැන එක තීන්දුවවක් ගන්න ඕන, ඒ අයට යහපාලනය කියන්නේ ගැරඩින්ට භූමිතෙල් දැම්මා වගේ.

ඉරිදා ලංකාදීපය:- ජනාධිපතිවරණය අතරතුර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිම ගැනත් සාකච්ඡා වුනා, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවයේදිත් ජනාධිපතිතුමා පොරොන්දු වුනා. ඒත් අද වෙනකොට ශ්‍රීලනිප සහ එජාපයේ අතර ඒ ගැන කබ ඇදිල්ලක්, මේ ගැන ඔබතුමියගේ අදහස?


හිටපු ජනාධිපති :- පැහැදිලිව ඒක කරන්න ඕනැ, ඒකේ වචන දෙකක් නැහ. ශ්‍රීලනිපයේ මහින්ද එක්ක ඉන්න මේ ආණ්ඩුව කඩාකප්පල් කරන්න සිහින දකින අය ඇති කරන ප්‍රශ්න,

ඉරිදා ලංකාදීපය:- ජනාධිපතිවරණයකට තරග කරන්නේ නෑ කියලා පසුගිය ජනාධිපතිවරණයේ දි ප්‍රකාශ කලා, නමුත් මේ වෙන කොට එතුමාගේ සමහර හිත්වත් ඇමතිවරු කියනවා 2020 දි එන අපේක්ෂකයා වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමායි කියලා, මේ ගැන ඔබතුමියගේ අදහස?

 
හිටපු ජනාධිපති :- ගෝලබාල ඇමතිවරු එහෙම කිව්වට එතුමා එහෙම කියලා නැහ නේ, ගෝලබාලයන්ගේ කටවල් වහන්න බැරි එක තමයි මටත් තියෙන ප්‍රස්නය, ඒගොල්ලන්ගේ කටවල් වහන්න ඕනේ, නැත්නම් අස්කරන්න ඕනේ, ප්‍රජාතන්ත්‍රවාදය වගේම පක්ෂයක විනයක් තියෙන්න ඕනේ, නමුත් එතුමා ආයෙත් ඉල්ලනවා කියලා නෑ, ඒ වචනනේ එතුමා කඩයි කියලා මම හිතන්නේ නැහ, මොකද එතුමා අපි හැමෝටම ඒ පොරොන්දුව දුන්නා, ඉතිහාසයේ එතුමා වචන කඩ කරපු දේශපාලකයෙක් නෙවි. යයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad